පොලොන්නරුව - (1056 - 1236)

ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
 
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
 
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංකමල්ල රජු රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.
 
ශ්‍රි ලංකා‍‍වෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.පොළොන්නරු නගරයේවිශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය.අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.අනුරාධපුරය වනසා දමා සිංහල රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ.සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි.එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි.එනමුත් අසිරිමත් වන්නේ එය නොව,අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි.පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති.පොළොන්නරුව යන්නට කදවුරු නුවර,ජනනාථ මංගලම් පුර,රාජරාජ පුරය,පුලනරි,විජයරාජපුරම්,කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.
 
අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස
 
අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස
විදහා දැක්විය හැකිය.
 
ඹ්නෑම දේශයක දියුනුව ‍ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්‍රතිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතුය.දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන්අතීත රඡවරු සහ රැඡිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහ අට දෙනෙකි.පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජිවිතය පරදුවට තබා කැපවිමෙනි.කැපවිමේ ධර්මතාවය මත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහිවෙති.
 
පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි.මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජ සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කො‍ටස් කිහිපයකින් සැදුම්ලද්දක් විය.
 
පොළොන්නරුව වු කලි සැබවින්ම වැදගත්වුත්,අමරණියවුත් ප්‍රදේශයකි.පුලතිස් පුරවරය ගැන කථාකරන වි‍ට අප මතකයට නැගෙන ස්ථාන රාශියකි.
 
පාලකයෝ
1 1 වන විජයබාහු රජතුමා1070 - 1110
2 1 වන ජයබාහු රජතුමා1110 - 1110
3 1 වන වික්‍රමබාහු රජතුමා1110 - 1131
4 2 වන ගජබාහු රජතුමා1131 - 1153
5 මහා පරාක්‍රමබාහු රජතුමා1153 - 1186
6 2 වන විජයබාහු රජතුමා1186 - 1187
7 නිශ්ශංකමල්ල රජතුමා1187 - 1196
8 6 වන මහින්ද රජතුමා1187 - 1187
9 1 වන වීරබාහු රජතුමා1196 - 1196
10 2 වන වික්‍රමබාහු රජතුමා1196 - 1196
11 චෝඩගංග රජතුමා1196 - 1197
12 ලීලාවතී රැජින1197 - 1200
13 සහස්සමල්ල රජතුමා1200 - 1202
14 කල්‍යාණවතී රැජින1202 - 1210
15 ලීලාවතී රැජින1210 - 1210
16 අනිකංග රජතුමා1210 - 1210
17 ධර්මාශෝක රජතුමා1210 - 1210
18 ලෝකේශ්වර රජතුමා1211 - 1211
19 ලීලාවතී රැජින1212 - 1212
20 පරාක්‍රම පාන්ඩ්ය රජතුමා1212 - 1215
21 කාලිංග මාඝ රජතුමා1215 - 1236
22 3 වන පරාක්‍රමබාහු රජතුමා1287 - 1293
 
ඡායාරූප
Oth Pilimaya - Gal Viharaya


Hiti Pilimaya - Gal Viharaya


Gal Vihara Cave


Wijjadara Cave


Sathmahal Prasadaya


Thuparama Image House


Gal Potha


Built : නිශ්ශංකමල්ල රජතුමා,
Atadage - Polonnaruwa


Built : 1 වන විජයබාහු රජතුමා,
Thivanka Pilmageya


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,
Reconstruction : 2 වන පරාක්‍රමබාහු රජතුමා,
Medirigiriya Vatadage


Some Construction : කනිට්ඨතිස්ස රජතුමා,
Some Construction : II වන අග්ගබෝධි රජතුමා,
Some Construction : 2 වනසේන රජතුමා,
Reconstruction : 1 වන විජයබාහු රජතුමා,
Parakrama Samudraya


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,
Giritale Wewa


Built : II වන අග්ගබෝධි රජතුමා,
King Parakramabahu I


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,
Nissanka Latha Mandapaya


Built : නිශ්ශංකමල්ල රජතුමා,
Rankoth Vehera


Built : නිශ්ශංකමල්ල රජතුමා,
Polonnaruwa Watadage


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,
Polonnaruwa Hatadage


Built : නිශ්ශංකමල්ල රජතුමා,
 
යුග
  • විජයබාහු වංශය
  • 1056 - 1187
  • කාලිංග වංශය
  • 1187 - 1197
  • විජයබාහු වංශය
  • 1197 - 1200
  • කාලිංග වංශය
  • 1200 - 1209
  • විජයබාහු වංශය
  • 1209 - 1210
  • ලෝකිස්සර
  • 1210 - 1211
  • විජයබාහු වංශය
  • 1211 - 1212
  • පාන්ඩියන් වංශය
  • 1212 - 1215
  • කාලිංග වංශය
  • 1215 - 1236
     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS