මායාදුන්නේ රජතුමා

සිරි සඟ බෝ වංශය | සීතාවක - (1521 - 1581)

මායාදුන්නේ රජ (1501–1581) සීතාවක රාජධානියේ, 1521 සිට 1581 දක්වා වසර 60 ක කාලයක් රජකම් කළේය. මායාදුන්නේ 1505 දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයන්ගේ සැඩපරුෂ සතුරෙක් විය. ඔහු තම ජීවිතයම කැපකරන ලද්දේ තම සොයුරු බුවනෙකබාහු, හෙවත් කෝට්ටේ රාජධානියේ රජ බලයෙන් පහ කර එයින් පෘතුගීසි කුමන්ත්‍රණ නිසා පීඩාවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ නිදහස රැකගැනීමට ය. ඔහු නිතර තම සොයුරා වූ බුවනෙකබාහුගේ රාජ්‍යයට ආක්‍රමණ එල්ල කරන ලදී.
 
මායාදුන්නේ උපත ලද්දේ 1501 දී කෝට්ටේ රාජධානියේ පිහිටි කෝට්ටේ නගරයේ දී ය. ඔහු 1509 සිට 1521 තෙක් කෝට්ටේ රජ කළ සත්වන විජයබාහුගේ පුත්‍රයාය. මායාදුන්නේ සත්වන විජයබාහුගේ හා ඔහුගේ අග බිසවගේ වැඩිමහල් පුතු විය. බුවනෙකබාහු හා රයිගම බණ්ඩාර ඔහුගේ සොයුරන් විය. බුවනෙකබාහු 1521 සිට 1551 දක්වා කෝට්ටේ රාජධානියේ රජකම් කළේය.
 
මායාදුන්නේ විජයබා කොල්ලයේ ප්‍රධානත්වයක් ගනිමින් තම පියාට එරෙහිව ක්‍රියා කිරීමෙන් පසු බුවනෙකබාහු ඔහු කෙරෙහි සැක කිරීමට පටන්ගත් අතර 1517 දී කොළඹකොටුව තැනූ පෘතුගීසින් සමග සමීප සම්බන්ධතා පැවැත්වී ය. වැඩිකල් නොගොස් මායාදුන්නේ හට, බුවනෙකබාහු පෘතුගීසීන් සමග සහයෝගයෙන් ක්‍රිය කිරීම ගැන අප්‍රසාදය දැක්වූ මෙරට ප්‍රධානීන්ගේ හා ජනයාගන් විශාල ජනතා උපකාරයක් ලැබිණි. මායාදුන්නේ කෝට්ටේ රාජධානියට විරුද්ධව ආක්‍රමණ කීපයකටම නායකත්වය ලබාදුන්න ද බුවනෙකබාහු විසින් පෘතුගීසින්ගේ සහයෙන් සීතාවක සේනා නැවත සීතාවකට පලවා හරින ලදී. මෙම සටන්වල පළමු අවධියේ දී මායාදුන්නේ හට පෘතුගීසින්ට විරුද්ධ ඉන්දියාවේ කැලිකහි රාජධානියෙන් උපකාර ලැබිණි. මායාදුන්නේ දිනක තමන්ට අයත් ප්‍රදේශයට මහා තර්ජනයක් වන බව වටහාගත් පෘතුගීසින්ට ඔහුව මර දැමීමට උවමනා විය. එහෙත් බුවනෙකබාහු සීතාවකට එරෙහි ආක්‍රමණ මුළුමනින්ම හැසිරවීමට ඔවුන්ට ඉඩදුන්නේ නැත.
 
1538 දී සිදු වූ, රයිගම බණ්ඩාරගේ මරණයෙන් වසර කීපයකට පසුව මායාදුන්නේ රයිගම රාජධානියෙන් සීතාවකට ඈඳා ගන්නා ලදී. සීතාවක හා කෝට්ටේ අතර වේගයෙන් ගැටුම් ඇරඹුනේ මෙතැන් සිටය. මේ කාලයේ දී කෝට්ටේ සිටි දළදා වහන්සේ බාර වූ බෞද්ධ හිමිවරු පෘතුගීසින් බුදු දහමට විරුද්ධ බව වැටහුනු අවස්ථාවේදී මදළදා වහන්සේ රහසිගතව සීතාවකට ගෙන ගොස් මායාදුන්නේගේ ආරක්ෂාව යටතේ තබන ලදී. දේශීය සම්ප්‍රදායට අනූව යම් පුද්ගලයෙක් අත දළදා වහන්සේගේ ස්වාමිත්වය ඇත්නම් ඔහුට ශ්‍රී ලංකාව තුළ සියලු රාජ්‍යයන්ට සිහසුනට අයිතිවාසිකමක් ඇත. මායාදුන්නේගේ ජනප්‍රසාදය ඉක්මනින් දේශය තුළ පැතිරී බුවනෙකබාහු රජුට ඇති ප්‍රසාදය තරමට ම වැඩී යත්ම බුවනෙකබාහු රජුටත් පසුව ධර්මපාල රජුටත් තවදුරටත් පෘතුගීසින්ගේ උදව් පිළිබඳ විශ්වාසය තැබීමට සිදු විය. මායාදුන්නේ කෝට්ටේට එරෙහිව නිතර නිතර කළ ආක්‍රමණ නිසා කෝට්ටේට අයත් වූ බොහෝ ප්‍රදේශ සීතාවකට ඈඳා ගැනීමට සිදු විය. පටන් කෝට්ටේට දේශීය උපකාර හිඟ වූ විට පෘතුගීසින් ඉබේම එහි ආරක්ෂකයන් වූහ. මෙයින් කෝට්ටේත් සීතාවකත් අතර වූ විරෝධය සීතාවක හා පෘතුගීසින් අතර විරෝධයක් බවට පත්විය.
 
පෘතුගීසින් මෙරටින් ඉවත් කිරීමට උත්සහ ගත් මෙම සිංහල–පෘතුගීසි යුද්ධයේ මායාදුන්නේ හා සීතාවක රාජධානිය වැදගත් කොටසක් විය. මෙම කාලයේ දී යුරෝපා ජාතියක්, පෙරදිග දී ලැබූ දරුණුතම පරාජය මෙරටින් වාර්තා විය. මායාදුන්නේ හා ඔහුගේ පුත්‍රයා මුල්ලේරියා සංග්‍රාමයේ දී පෘතුගීසින්ට එරෙහිව සටන් කර ජය ගෙන, සීතාවක බලය එළිදරවු කළේය. ඒ අවස්ථාවේ පෘතුගීසින්ට ද විශාල අභියෝගයක් වන තරමටම ඔවුහු ශක්තිමත් ව සිටියහ. මුලු දිවයිනම පාලනය කිරීමට තිබූ අවස්ථාව පෘතුගීසින්ගෙන් ගිලිහී ගියේය.
 
තොරතුරුවලට අනුව ඔහු පෘතුගීසි ආක්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටි අතර මුලු දිවයිනම ජය ගෙන ඔවුන්ව වළක්වන ලදී. මායාදුන්නේ ශ්‍රී ලංකාවේ සිටි උසස්ම රජෙකු ලෙස සැලකේ. ඔහු 1581 දී මරණයට පත් වන විට වයස අවුරුදු 80 ක් විය.
 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS