දොන් පිලිප්
1591 - 1592
පලවා හැරීමෙන්
1 වන විමලධර්මසුරිය රජතුමා
1592 - 1604
ඇවෑමෙන්
සෙනරත් රජතුමා
1604 - 1635
 
1 වන විමලධර්මසුරිය රජතුමා

දිනරාජ වංශය | නුවර - (1592 - 1604)

පළමුවන විමලධර්‍මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.
 
උපතින් කොනප්පු බණ්ඩාර ලෙස හැඳින්වුනු මෙතුමාගේ පියා පළමුවැනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත ගොස් කතෝලික දහමද වැළඳගෙන දොන් ජෝන් නමින් බෞතීස්ම ලබා සිටියේය. උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුවන රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප් නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමඟ පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසින් රජකමට පත්කළේ ඔහුව නොව දොන් පිලිප් නම් කුමාරයාවය. මීට එරෙහි වූ දොන් ජෝන් පෘතුගීසින් ඉවත්ව යනතෙක් සිට දොන් පිලිප් ට වස දී මරා දැමීය. පෘතුගීසින්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේ යැයි කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියේම ක්‍රිස්තියානිය අතහැර බුදු දහම වැළගඳ ගත්තේය. පළමුවන විමලධර්මසූරිය ලෙසින් සෙංකඩගල රජ විය.
 
මේ අසා පෘතුගීසීන් ඉන්දියාවේ ගෝවෙන් උපකාර ලබා නැවත සංවිධානය වී දොන් පිලිප්ගේ දියණිය වූ දෝන කැතරිනා ද සමඟ උඩරටට විරුද්ධව සටනට පැමිණි නමුත් බලනදී ඉන් පැරද පළා ගියෝය. දෝන කැතරිනා විමලධර්මසූරිය රජුගේ සේනාවට අසුවුන අතර රජු ඇයව විවාහ කරගෙන ඉන් නොනැවතී රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය. (නමුත් වෙරළබඩ තවමත් පෘතුගීසීන් සතු විය)
 
ලන්දේසි ගවේශකයෙකු වූ ජොරිස් වැන් ස්පිල්බර්ජන් පෘතුගීසීන් පලවා හැරීම සඳහා සටන් කිරීමට සන්ධානයක් ඇති කර ගැනීමේ අදහසක් ඉදිරිපත් කළේය. එම සාකච්ඡාවලින් පසු අද්මිරාල් වයිබ්‍රැන්ඩ් වෑන් වොර්විජෙක් විසින් ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සෙබෝල්ඩ් ඩි වීර්ට් එවනු ලැබීය. මෙම සන්ධානය ශෝකාන්තයකින් කෙළවර විය. මත්පැන් සාදයකදී අවිනීත ලෙස හැසිරුණු ලන්දේසීහු රජුට අපහාසය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස ඒ සියලු දෙනා මැරුම් කෑහ. නැවත 1612 දක්වා සන්ධානයක් බිහිවීම අවස්ථාවක් උදා නොවිණි. 1612 දී නව ලන්දේසි නියෝජිතයා වූ මර්සෙලිස් බොස්චවුචර් විමලධර්මසූරිය රජුට පසුව රජ පැමිණි සෙනරත් රජු සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙහි ප්‍රථිඵලය වූයේ පෘතුගීසීන් ලංකාවෙන් ඉවත් කිරීමේ සිට ඉංග්‍රීසීන් මෙහි පැමිණ යටත් කර ගන්නා තෙක් පැවති ලන්දේසි පාලනය යුගයක් ආරම්භ වීමයි.
 
ඡායාරූප
Temple of the Tooth
නුවර,

Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex of the former Kingdom of Kandy, which houses the relic of the tooth of the Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sri Lankan kings and is a World Heritage Site mainly...


Built : 1 වන විමලධර්මසුරිය රජතුමා,
Recovered : 2 වන රාජසිංහ රජතුමා,
Reconstruction : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා,
Added : ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා,

Royal Palace of Kandy
නුවර,

The Royal Palace of Kandy (known as Mahawàsala), located to the north of the Temple of the Tooth (Daladà Màligàwa) in Kandy, was the royal residence of the Sri Lankan monarchy of the Kingdom of Kandy in Sri Lanka. The last king to reside in it was King Sri Vikrama Rajasinha (1798-1815). Once part of a large palace complex that included the King's Palace (Raja Wasala), Royal Audience Hall (Magul Maduwa), Queen's Palace (Meda Wasala), King's Harem...


Built : 1 වන විමලධර්මසුරිය රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS