වසභ රජතුමා
66 - 110
ඇවෑමෙන්
වංකනාසික තිස්ස රජතුමා
110 - 113
ඇවෑමෙන්
I වන ගජබාහු රජතුමා
113 - 135
 
වංකනාසික තිස්ස රජතුමා

ලම්බකර්ණ වංශය I | අනුරාධපුරය - (110 - 113)

මූලාශ්‍රයරාජ්‍ය නාමයරාජ්‍ය කාලය
මහාවංසයවංකනාසික තිස්ස3-0-0
පූජාවලියවක්නැහැතිස් 3-0-0
රාජාවලියවක්නැසිනම්බප 3-0-0

වසභ රජතුමාගේ ඇවෑමෙන් ඔහුගේ පුතෙකු වන වංකනාසික තිස්ස කුමරු රජ බවට පත්විය. වක් වූ නාසයක් තිබුන බැවින් ඔහු වංකනාසික තිස්ස ලෙස හඳුන්වයි. වසර 44 ක තම පියාගේ පාලන කාලයෙන් පසු මොහුට රජකම හිමිවන්නේ මදක් මහලු වයසේදීය. මොහු රජ කල වසර 3 තුල ඔහුට විශාල යමක් කිරීමට හැකියාවක් ලැබුණු බවක් නොපෙනේ. මෙතුමාගේ කාලයේ ආක්‍රමණයක් පිළිබඳවද සඳහන් වේ. රජු සරණපාවා ගත්තේ සුභ රජතුමාගේ දියණියයි.

 
ක්‍රියා
  • කලිකාලන්ගේ හමුදාව නගරය කොල්ලකා තරුණයක් 12,000ක් වහලුන් ලෙස ඉන්දියාවට ගෙනයන ලදී.
  • ගෝන නදිය අසල මහාමංගල විහාරය කරවීය.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS