පිටපතක් වෙන්කරගන්න

මහාවංස ප්‍රදීපිකාව
මෙම ග්‍රන්ථය වසර 10ක පමණ ප්‍රතිඵලයක්. මෙහි ලක්දිව රාජාවලියේ රජවරුන් 200ට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනවා. එම රජවරුන්ගේ පරම්පරා සටහන් (Family Trees) 170කට අධික ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. සෑම රජකෙනෙකුගේ ම අවම වශයෙන් ඉදිරියට පරම්පරා සටහන් දෙකක් මෙන්ම පසුපසට පරම්පරා දෙකක් බැගින් විධිමත් ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම රජුගේ ඥාතීන් පිළිබඳව මෙන්ම රජු හා සම්බන්ධ නිලධරයන් මේ පරම්පරා සටහනට ම ඇතුළත් කර තිබීම විශේෂයකි. එම රූප සටහන් මගින් අපගේ රාජ පරම්පරාවේ ගලායෑම මැනැවින් පාඨකයාට ලබාදීමට හැකි වූ බව මගේ විශ්වාසයයි. මෙම සබඳකම් සටහන මේ අයුරින් ලබාගැනීමට ඉතිහාස මෙන්ම වෙනත් ඒ හා සබැඳි 300කට අධික ග්‍රන්ථ ප්‍රමාණයක් පරිශීලනය කළ අතර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ද අධ්‍යයනය කරනු ලැබුවා. එම සෑම සබඳකමක් සඳහාම එක් එක් මූලාශ්‍රයේ අදාළ යොමුව ද සටහන් කළා.

මට විශේෂයෙන් අවශ්‍ය වුණා පිටු ගණන් අකුරු නැති නමුත් දත්ත වටිනාකම හැඟවෙන පරිදි වඩාත් ආකර්ෂණීය සහ මනසේ තැන්පත් වන ලෙස මෙම සබඳකම් පාඨකයාට ඉදිරිපත් කරන්න. අපේ අතීතය සහ එහි ප්‍රෞඩත්වය අනාගතය ට රැගෙන යන්නේ අපගේ දරුවන්. එමනිසා මට අවශ්‍ය වුණා විශේෂයෙන් දරුවන් අරමුණු කරගෙන මෙම ග්‍රන්ථයේ සැකැස්ම නිර්මාණය කරන්න.

ඉන්පසුව දරුවන්ගේ මනස මේ පිළිබඳව දක්වන උනන්දුව පිළිබඳ විශේෂ අධ්‍යයන රාශියක් කළා. ඔවුන්ගේ මනසේ වීරත්වය හටගන්නේ කුමන කරුණු අරභයා ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. එම අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් අනුව අපේ රජවරුන්ගේ රූප මගින් අපේ ඉතිහාසය පිළිබඳ වීරත්වයක් ඇති කිරීමට මම මෙම ග්‍රන්ථය මගින් උත්සාහ කළා. මෙම රූප නිර්මාණය ද වසර ගණනාවක අධ්‍යයනයේ සහ මහන්සියේ ප්‍රතිඵලයක්. මෙම රූප නිර්මාණය කිරීමේ අධ්‍යයනයන් පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් "තාක්ෂණය" පිටුව හරහා ඔබට දැනගත හැකි යි.

ගැඹුරු අධ්‍යයනයකින් පසුව එසේ නිර්මාණය කළ අපේ රාජාවලියේ රජවරුන්ගේ වර්ණ රූප 200කට අධික ප්‍රමාණයක් මෙහි අඩංගු වෙනවා. ඒ වගේම මෙම රූප පරම්පරා සටහන් සමග එකතු කිරීමෙන් දරුවන්ට මෙන්ම සියලුම පාඨකයන්ටත් අලසකමකින් තොරව ග්‍රන්ථය පරිශීලනය කිරීමට හැකි වන බව මගේ විශ්වාසය යි.

නිරන්තරයෙන් ඉතිහාසය තාක්ෂණය සමග බද්ධ කිරීමට මම උත්සාහ දැරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රන්ථය ගැළපෙන පරිදි තාක්ෂණය හා සම්බන්ධ කිරීමට මට අවස්ථාවක් ලැබුණා. සෑම රජකෙනකු සඳහා ම එම රජු ට ආවේණික QR කේතයක් අදාළ පිටුවෙහි ඇතුළත් කළා. එමගින් පහසුවෙන් එම රජු පිළිබඳව වැඩි විස්තර අප www.mahawansaya.com වෙබ් අඩවිය හා සම්බන්ධ වීමෙන් ලබාගත හැකි යි. තවද මෙම රජවරුන් පිළිබඳව කෙටි සිනමා වැඩසටහන් නිපදවා එමගින් තවත් මෙම රජවරුන් මනසේ තැන්පත් කිරීමට තාක්ෂණය හරහා උත්සාහ ගත්තා. එම වීඩියෝ පිළිබඳ වැඩි විස්තර "විශේෂතා" පිටුවෙහි සඳහන් කර ඇති අතර දැනට නිර්මාණය කර ඇති සියලුම සිනමා වැඩසටහන් දර්ශන අපගේ Youtube නාලිකාවේ ඇතුළත් වේ.

තවද පාඨකයාගේ මතක තබාගැනීමේ පහසුව වෙනුවෙන් විවිධ වූ ක්‍රමවේදයන් මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් කිරීමට මා වගබලා ගත්තා. එක් එක් රාජධානි සඳහා විවිධ වූ වර්ණ භාවිතය සහ රජවරුන් වෙනුවෙන් අංක ක්‍රමයක් හඳුන්වාදීම ඉන් විශේෂිත යි. වර්ණ ක්‍රමය භාවිතයෙන් ග්‍රන්ථයේ එක් එක් රාජධානි අතර පහසුවෙන් යොමු විය හැකි අතර අංක භාවිතයෙන් ඒ එක් එක් රජු අයත් රාජධානිය පහසුවෙන් මතක තබාගැනීමට අවස්ථාව උදා කළා.

එමෙන්ම ඒ ඒ රජවරුන්ගේ කාලයට අදාළ විශේෂිත වූ සිද්ධීන් රජුගේ රුපයේ ම පිටුපසින් ඇතුළත් කිරීමෙන් තව තවත් මනසට සමීප කිරීමට උත්සාහ කළා. උදාහරණ වශයෙන් කීර්ති ශ්‍රී මේඝවණ්ණ මහරජුගේ රූපය පිටුපසින් දළදා වහන්සේගේ රූපයක් ඇතුළත් කිරීම සහ මහසෙන් මහරජුගේ රූපය පිටුපසින් ජේතවනාරාම දාගැබ ඇතුළත් කිරීම දැක්විය හැකි යි.

ඒ වගේම මට අවශ්‍ය වුණා මෙම ග්‍රන්ථය අලංකාර සහ මනා සැළසුම් සහගත ලෙස පාඨකයාට දෙන්න. මෙම ග්‍රන්ථය පිටු 650කින් යුක්තවන අතර එම සියලුම පිටු වර්ණවත් පිටු ය. මෙම එක පොතක් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් මුද්‍රණය කිරීමට හැකි වූයේ ඉතාමත් කුඩා පොත් ප්‍රමාණයකි. එම නිසා ඔබගේ පිටපත කල් වේලා ඇතිව වෙන් කරගැනීමට කාරුණික වන්න.

ඉහත කී විශේෂතා තුළින් මා නිතරම උත්සාහ කළේ අපේ දරුවන් බහුතරයකට නීරස වූ අපේ ලක් ඉතිහාසය රසවත් ලෙස ලබාදෙන්න යි. ඒ වෙනුවෙන් මේ ගත්තා වූ උත්සාහය හේතුවෙන් අනාගතයෙ හි අපේ දරුවන්ට බටහිර වීරයන් අතහැර අපේ ම මහපොළොවේ බිහි වූ වීරයන් ට පෙම් බඳින්නට අවස්ථාව උදා වනු ඇතැයි මාගේ බලාපොරොත්තුවයි.

ඔබගේ පිටපත වෙන්කරගැනීම සඳහා මෙතනින් ඇතුල්වන්න.

ඉසුර වික්‍රමාරච්චි
කර්තෘ

WhatsApp : 94 711 400 300
Voice : 94 701 400 300
Email : isandi@gmail.com
 
 
SUMMERY
ERA
  • Anuradhapura
  • BC 377 - 1017
  • Lankapura Era
  • BC 5000 - BC 543
  • Upatissa Nuwara
  • BC 505 - BC 377
  • Thammanna Nuwara
  • BC 543 - BC 505
  • Anuradhapura Chola
  • 1017 - 1070
  • Polonnaruwa
  • 1056 - 1236
  • Dambadeniya
  • 1220 - 1345
  • Yapahuwa
  • 1270 - 1283
  • Kurunegala
  • 1293 - 1341
  • Gampola
  • 1345 - 1412
  • Kotte
  • 1412 - 1597
  • Sitawaka
  • 1521 - 1593
  • Kandy
  • 1590 - 1815
    Portuguese
  • Portuguese Captain
  • 1518 - 1551
    4
  • Portuguese Captain Majors
  • 1551 - 1594
    17
  • Portuguese Governors
  • 1594 - 1658
    19
     
    Dutch
  • Dutch Governors
  • 1640 - 1796
    41
     
    British
  • British Governors
  • 1795 - 1948
    53
  • Military Governors
  • 1795 - 1798
    5
  • Resident Superintendent
  • 1796 - 1798
    1
  • British Kings
  • 1815 - 1948
    8
  • Ceylonese Executive Councils
  • 1833 - 1936
    0
     
    Monarchs of British Ceylon
  • House of Hanover
  • 1815 - 1901
    0
  • House of Saxe-Coburg-Gotha
  • 1901 - 1910
    0
     
    Monarch of Ceylon
  • House of Windsor
  • 1948 - 1972
    1
  • House of Windsor
  • 1948 - 1972
    1
  • Governors-General
  • 1948 - 1972
    0
     
    KINGS WHO UNITED SRI LANKA
     
    PROVINCIAL
    DYNESTY
    WORKS
    RULERS
     
    MORE INFORMATION
    අනුරාධපුර රාජධානියේ අවසානය

    The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty...


    Tags :
    Source : Source
    Author : Author

    රජරට රාජධානිය
    The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty subsequently founding the Kingdom of Upatissa...


    Tags :
    Source : Web
    Author : Unknown
    පොලොන්නරු යුගය
    The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty subsequently founding the Kingdom of Upatissa...


    Tags :
    Source : web
    Author : Unknown
    The House of Vijaya

    The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty...


    Tags : King Dhathusena, Frederick North,
    Source : Web
    Author : Author

     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2026
    Powered by isandi CREATIONS