ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඩිජිටල් නිවහනඅතීතය සුරකිමු. අනාගතය දකිමු.
දාරුභාතික තිස්ස 31
ඉතිහාසය හැඩගැස්වූ චරිත

දාරුභාතික තිස්ස

44 ක්‍රි.පූ. — 43 ක්‍රි.පූ.

මෙම ඉතිහාස කතාවට සම්බන්ධ පුද්ගලයන්, ස්ථාන සහ තොරතුරු හඳුනාගන්න.

දාරුභාතික තිස්ස

තොරතුරු

රාජ්‍ය නාමය
දාරුභාතික තිස්ස
රාජවංශය
නොදන්නා
රාජ්‍ය කාලය
44 ක්‍රි.පූ. — 43 ක්‍රි.පූ.
රාජ්‍ය කාල සීමාව
1 වසර

දාරුභතික තිස්ස යනු ක්‍රි.පූ. 1 වන සියවසේ අනුරාධපුරයේ රජකම් කළ රජෙකි. ඔහුගේ පාලන කාලයද ක්‍රි.පූ. 47 වසර දක්වා පැවති බව සඳහන් වේ. ඔහු වටුක රජුගේ පසු අනුරාධපුරයේ රජකමට පත්වූ අතර, ඔහුට පසු නිලීය රජු පත් විය.

අනුලා බිසව වළගම්බා මහරජුගේ පුත් චෝරනාග මහරජතුමාගේ බිසව ලෙස අභිෂේක ලැබුවා ය. විෂමාචාර ගති ඇති ඇය, වස දී චෝරනාග මහරජු මරා දමන ලදී.

පසුව රාජ්‍යත්වයට පත් වූ තිස්ස මහරජතුමා (කුඩා තිස්ස මහරජතුමා) ද එලෙසම වස දී මරා, තම සිත් ගිය සිව නම් දොරටුපාලයාට රජකම ලබා දෙන ලදී. ඉන්පසු සිව මරා වටුකද, ඔහු මරා දාරුභතිකද, පසුව ඔහු මරා නිලීය නම් පුරෝහිත බමුණාද රාජ්‍යත්වයට පත් කරන ලදී. පසුව ඔහුද මරා, අනුලා රැජිණ විසින්ම රාජ්‍ය පාලනය ගෙන ගියාය.

පූජාවලියට අනුව, අනුලා රැජිණ කුඩාතිස්ස මහරජතුමාගෙන් පසු තම ස්වාමීන් ලෙස රජකම ලබාදුන් පිරිස මෙසේය: බලත් සිටුවා, වටුක, පරෙවි, වාසුඛී සහ බැලතිස්. මේ කාලයේ රට මහත් ව්‍යාකුල තත්ත්වයකට පත්වූ අතර රාජ්‍ය බලය අනුරාධපුරයට පමණක් සීමා විය.

පසුව මහසිළු මහාතිස්ස මහරජුගේ දෙවන පුත් කූටකණ්ණ තිස්ස කුමරා රාජ්‍යත්වයට පත්විය. ලිඛිත ලංකා ඉතිහාසයේ පළමු රැජිණගේ පාලනය මෙසේ නිමාවට පත්විය. ඇය සිංහල රාජවංශයේ පළමු රැජිණ ලෙස ඉතිහාසයට එක්විය.

— ඉසුර වික්‍රමාරච්චි, මහාවංස ප්‍රදීපිකාව

ඇන්ඩ්‍රොයිඩ් යෙදුම

මහාවංසය යෙදුම බාගන්න

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් ශ්‍රී ලංකාවේ රාජධානි, රජවරුන් සහ රජ පෙළපත් ගවේෂණය කරන්න.

Google Play වෙතින් ලබාගන්න