වසර 91කට පෙර රත්මලාන ගුවන් තොටුපොළට ප්‍රථම ගුවන් යානය ගොඩබසී!
ඓතිහාසික දිනය
කොළඹ නගරයට ආසන්නව ගුවන් තොටුපොළක් ඉදිකිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 1934 වසරේදී ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් රත්මලාන ප්‍රදේශය ඒ සඳහා තෝරාගන්නා ලදී.
ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා අක්කර 242ක පොල් වතු භූමියක් රජයට පවරා ගැනිණි.
1935 නොවැම්බර් 27 දින ඉන්දියාවේ මදුරාසි ගුවන් සමාජයට (Madras Flying Club) අයත් De Havilland DH.80A Puss Moth වර්ගයේ ගුවන් යානයක් රත්මලානට පැමිණියේය.
එහි ලියාපදිංචි අංකය VT-ACB විය.
මෙම ගුවන් යානය මෙහෙයවනු ලැබුවේ මදුරාසි ගුවන් සමාජයේ ප්‍රධාන ගුවන් පුහුණු උපදේශක හැරල්ඩ් ටින්ඩේල් බිස්කෝ (Harold Tyndale-Biscoe) විසිනි.
ඔහු සමඟ වෝල්ටර් ෂ්ලයිටර් සහ ලාංකිකයකු වූ සයිරස් ඩාරියස් යන මගීහු දෙදෙනා ද පැමිණියහ.
ප්‍රථම ගුවන් යානය ගොඩබැසීමෙන් වසර දෙකකට පමණ පසුව, 1938 පෙබරවාරි 28 දින, එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට් මහතා විසින් රත්මලාන ගුවන් තොටුපොළ නිල වශයෙන් විවෘත කරන ලදී.
එවකට ප්‍රවාහන හා කර්මාන්ත කටයුතු භාර අමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා මෙරට සිවිල් ගුවන් සේවා සංවර්ධනය සඳහා විශේෂ දායකත්වයක් ලබා දුන්නේය.
එදින කොළඹ සහ බොම්බාය අතර නිත්‍ය සෘජු ගුවන් තැපැල් සේවාවක්ද ආරම්භ කෙරිණි.
දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ, 1942 වසරේදී රත්මලාන ගුවන් තොටුපොළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ පාලනයට පත් විය.
1946 වසරේදී එය යළි සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා පවරා ගන්නා ලදී.
1947 වසරේදී ලංකාවේ ජාතික ගුවන් සේවය වූ Air Ceylon ආරම්භ කිරීමත් සමඟ රත්මලාන ගුවන් තොටුපොළ මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්විය.
1935 නොවැම්බර් 27 දින කුඩා ගුවන් යානයකින් සනිටුහන් කළ එම ඓතිහාසික ආරම්භය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ජාලය සමඟ සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් විය.
