4 වන විජයබාහු රජතුමා
1267 - 1270
ඝාතනයෙන් පසු
1 වන බුවනෙකබාහු රජතුමා
1270 - 1283
ඝාතනයෙන් පසු
අරාජික සමය
1283 - 1287
 
1 වන බුවනෙකබාහු රජතුමා

සිරි සඟ බෝ වංශය | යාපහුව - (1270 - 1283)

බෝසත් විජයබාහු හෙවත් හතරවන විජයබාහු රජතුමාගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1270 දී රාජ්‍යත්වයට පත් වූයේ පළමුවන බුවනෙකබාහු රජු ය. එතුමා ටික කලෙකින් යාපහුව බලකොටුවට ගොස් එහි සිට රාජ්‍ය කටයුතු මෙහෙයවීය.
 
බෝසත් විජයබාහු රජුට පක්ෂපාතී ව සිටි වන්නි නායකයින් ද උතුරේ පෙළ ගැසෙමින් සිටි නායාකයින් ද මේ රජුට පැවති අභියෝගයින් විය. වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පැවැත්වූ මේ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1283 දී මිය ගියේය.
 
මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ ආර්ය චක්‍රවර්ති නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් යාපහුව වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව මහා වංශය නම් ග්‍රන්ථයේ දෙවන කොටසේ සඳහන් වේ.
 
පළමු බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඇති වූ තෙවසරක අරාජික කාලයට පසු රාජ්‍යත්වයට පත් වූයේ තුන්වන පරාක්‍රමබාහු රජතුමා ය.
 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS