අභය රජතුමා
BC 474 - BC 454
ඝාතනයෙන් පසු
පණ්ඩුකාභය රජතුමා
BC 377 - BC 367 | BC 437 - BC 377 |
ඇවෑමෙන්
මුටසීව රජතුමා
BC 367 - BC 307
 
පණ්ඩුකාභය රජතුමා

විජය පරම්පරාව | උපතිස්ස නුවර - (BC 437 - BC 377)

පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437 - 367 ) යනු, මහාවංශයට අනුව ආර්යයන් පැමිණීමෙන් පසු ලංකාවෙහි 6 වන රජුය. ඉතිහාසඥයන්ට හා දාර්ශනිකයන්ට අනුව ඔහු ආර්යයන් හා ස්වදෙශිකයින් අතර මතභෙද නැති කර, රට එක් සෙසත් කළ මුල්ම නියම ශ්‍රී ලාංකික රජ තුමාය.
 
එතුමාගේ සම්භවය පිලිබදව මතවාද තුනක් පවතී .
මහාවංශ කථාව
 
භද්දකච්චායනා බිසවට හා පඩුවස්දෙව් රජුට දාව පුතුන් දසදෙනෙකු සහ දියණියක මෙළොවට බිහිවිය. වැඩිමහල් පුතු අභය වූ අතර බාලම දියණිය චිත්‍රා විය. අනාගතයෙ රාජ්‍යය නිසා චිත්‍රා කුමරියගේ පුත්‍රයා මාමාවරු මරාදමන බවට ශාස්ත්රධාරී බ‍‍රාහ්මණයින් කළ ප‍‍්‍රකාශයක් නිසා එසේ වීම වැළැක්වීමට අභය කුමරු හැකි සියලූ ක‍්‍රියාමාර්ග අනුගමනය කළේය.
 
එක්ටැම් ගෙයක් තනවා සියලූ රැකවල් යොදා දාසියක සමග චිත්‍රා කුමරිය රදවා තබන ලදී. දුටුවන් උමතු කරවන තරම් රුවක් චිත්‍රා හ‍ට තිබූ නිසා ඇය උන්මාද චිත්‍රා ලෙසද හදුන්වයි.
 
භද්දකච්චායනා කුමරිය ලක්දිවට පැමිණෙන විට ඇගේ සොයුරන් හයදෙනා වු රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු සහ රෝහණ ද පැමිණයහ. දීඝායු කුමරුගේ පුත් දීඝගාමිණී කුමරු සමග උන්මාද චිත්‍රා කුමරිය අප්‍රසිද්ධව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් පණ්ඩුකාභය කුමරු මෙලොවට බිහි වේ.
 
පසුව පණ්ඩුකාභය කුමරු පිළිබද තොරතුරු දැනගත් මාමාවරු කුමරු මැරීමට කිහිපවරක්ම උත්සාහ දරති. නමුත් බල සම්පන්න දෛවයකට උරුමකම් කියූ පණ්ඩුකාභය කුමරු තිස් හත්වන වියේදී රජකමට පත් වී හැත්තෑ වසරක් රාජ්‍යය කරන්නේය.
 
ක්‍රියා
  • අනුරාධපුර අගනුවර ගොඩනැගීම
  • ක්‍රමවත් සුසාන භුමි ඇති කිරීම
  • නගර පාලකයකු පත්කිරීම. (නගර ගුත්තික)
  • අභය වැව (බසවක්කුලම) නිර්මාණය.
  • ග්‍රාම සීමා නියම කිරීම
  • කසල සෝදකයන් පත් කිරීම
  • සෞඛ්‍ය පිලිබඳ විධිමත් සැලැස්මක් ඇති කිරී
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම මෞර්ය රාජවංශය ආරම්භ ක
  • මාමාවරු 8 දෙනෙකු ඝාතනය කිරීම
  • සුසාන භුමි ඇති කිරීම
  • ගම්සභා ක්‍රමය ඇතිකිරීම
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS