ගල් පොත
Era : පොලොන්නරුව
Built : නිශ්ශංකමල්ල රජතුමා,

මිහින්තලේ ප්‍රදේශයෙන් ගෙනවිත් ඇති දිගින් අඩි 26 අඟල් 10ක්, පළලින් අඩි 4 අඟල් 7ක් හා ඝනකමින් අඩි 2ක් පමණ විශාල ගල් පුවරුවක පේලි 72ක අකුරු 4300 කට වැඩි ගණනකින් සෙල් ලිපියක් නිශ්ශංක මල්ල රජු විසින් කොටවා  ඇත.  දිගු අතට දෙපස හංස පේලි දෙකක් හා පළල අතට දෙපස ජලය වත්කරන ඇතුන් දෙදෙනෙකු හා පියුමක් අතින්ගත් ගජ ලක්ෂ්මි දේවිය කැටයම් කොට ඇත.  නිශ්ශංක මල්ල රජුගේ පරපුර, ඔහුගේ වීරක්‍රියා, පින්කම් හා  විදේශ රටවල් සමග පවත්වන ලද සබඳතා ආදිය ගැන මෙහි සඳහන්වේ.

 

Era : පොලොන්නරුව,

Built : නිශ්ශංකමල්ල රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS