තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
69
ජත්තගාහක ජන්තු රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 432 - ක්‍රිව 433
King Jaththagahaka Janthu රාජ්‍ය නාමය : ජත්තගාහක ජන්තු රජතුමා
රාජවංශය : නොදත්
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 432 - ක්‍රිව 433

රජ මැඳුරේ අභ්‍යන්තරයෙහි ඇතිවූ අර්බුදයෙන් පසු සොත්ථිසේන රජු මරණයට පත් කළ සංඝා කුමරිය තම සැමියාට රජකම පැවරුවා ය. මොහුගේ නාමය ලෙස මහාවංසය දක්වා ඇත්තේ ඔහු දරා සිටි තනතුර බව පෙනේ. එයින් පෙනී යන්නේ ඔහු මහානාම රජුගේ ඡත්තගාහක නිලය දරා සිටි බවයි. ඡත්තගාහකගේ නම රාජරත්නාකරය, සද්ධර්මරත්නාකරය, පූජාවලී ආදී ග්‍රන්ථවල ලමැණිතිස් ලෙස දැක්වෙන බැවින් ඔහුගේ නම තිස්ස බවත් එසේ ම ඔහු ලම්බකර්ණ වංශිකයකු වන බවත් පැහැදිලි වෙයි. මහාවංසයේ දැක්වෙන ඡත්තග්ගාහක ජන්තු  යන යෙදුම අනුව ඔහුගේ නම ජන්තු යැයි සමහරු සලකති. එහි තේරුම සත්ත්වයා, ප්‍රාණියා යන්න ය. එහෙත් ඔහු රජුගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන බව හැර ඔහුට රාජ්‍යයට වෙනත් උරුමකමක් තිබූ බවට සාධක මූලාශ්‍රයවලින් එළිදරව් නොවේ. එහෙත් රජයේ වැදගත් තනතුරක් ඔහු උසුලන ලද නිසාත් රජුගේ දියණියගේ ස්වාමිපුරුෂයා වූ නිසාත් රජ මැඳුර තුළ ඔහුට කිසියම් බලයක් තිබෙන්නට ඇත.
 
ඡත්තගාහක රජුගේ රාජ්‍ය කාලය එක් වර්ෂයක් වන අතර ඔහු කළ එක ම කාර්යය සිය නමින් වැවක් කරවීම යැ යි මහාවංසයේ දැක්වේ.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්