තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
101
දත්ත රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 683 - ක්‍රිව 684
King Daththa රාජ්‍ය නාමය : දත්ත රජතුමා
රාජවංශය : ඔක්කාක
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 683 - ක්‍රිව 684

සිරිසංඝබෝධි හෙවත් අග්ගබෝධි රජුගෙන් පසු නැවතත් රටේ දේශපාලන වියවුල් ආරම්භ විය. රජු පොළොන්නරුවට ගොස් සිටි කාලයේ අනුරාධපුරයෙහි පාලන කටයුතු භාරව සිටියේ පොත්ථකුට්ඨ නම් දෙමළ සෙනවියාය. ඔහු රජු මළ පසු රාජ්‍ය බලය තම අතට ගත්තේය. උපරජ වූ දාඨාශිව අල්ලා සිරගෙයි ලැවීය. එහෙත් ඔහු රජ වීමට අදහස් කළ බවක් නොපෙනේ. ඔහුට එයට උරුමයක් නැති බව ඔහු තේරුම් ගත්තා විය යුතුය. රූකඩ රජෙකු පත්කර තමාට අවශ්‍ය අන්දමට හැසිරවීමට කල්පනා කළ හෙතෙම ඔක්කාක වංශයෙහි උපන් පුද්ගලයෙකු සොයා ගත්තේය. ඔහු දනපිටි හෝ වල්පිට වැසි දත්ත නම් විය. අග්බෝ රජුගෙන් පසු දත්ත අභිෂේකයට පත් කරන ලද්දේය. ඔහු විහාරයක් කරවා දෙවර්ෂයකින් මිය ගියේය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්