තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
112
8 වන අග්ගබෝධි රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 804 - ක්‍රිව 815
King Aggabodhi VIII රාජ්‍ය නාමය : 8 වන අග්ගබෝධි රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 804 - ක්‍රිව 815

තෙවැනි මහින්ද රජුගෙන් පසු සිහසුනට පත් වූයේ අග්‍රබෝධි කුමාරයාය. ඔහු ඒ නමින් පෙනී සිටි අටවැන්නා විය. සිංහල ග්‍රන්ථවල මැදි අග්බෝ යනුවෙන් සඳහන් වන්නේ මෙම රජුය. මෙතුමාට රජු සමඟ තිබූ ඥාතීත්වය මහාවංසයේ කියා නැත. තමාගේත් පියාගේත් නම් එක්කර උදයග්ග බෝධි නම් පිරිවෙණක් කරවූ බව කීමෙන් පෙනීයන්නේ ඔහුගේ පියාගේ නම උදය බවයි. ඒ අනුව ඉන් පළමුවන උදය රජු අදහස් කරන අතර අටවන අග්ගබෝධි රජු තෙවැනි මහින්ද රජුගේ සහෝදරයෙකු බව පැහැදිලි වෙයි. මේ රජුගේ කාලය ගෙවී ගියේද බොහෝ පිං දහම් කිරීමෙනි. ඔහු බුදුගුණ වලට පූජාවක් කරවීය. පොහෝ දිනවල මස් මාංශ සුරා ආදිය ඇතුළු නුවරට ගෙන ඒම තහනම් කළේය. මොහු කොතරම් දැහැමි වී දැයි කියතොත් විහාරය වැඳ බැහැර වන විට මළුවේ වැලි කැටයක්වත් ඉවත යතැයි සලකා පය පිසදා ගියේය. අග්ගබෝධි රජුගේ එක් ක්‍රියාවක් මහජනතාවගේ විශේෂයෙන් සිත් ගෙන තිබිණි. එනම් මවට කරන ලද ඇප උපස්ථානයයි. මහාවංසය දක්වන හැටියට මේ ක්‍රියාවලිය පුදුම සහගත වෙයි. සිය මෑණියන් නාවා පිරිසිදු කර අලුත් වස්ත්‍ර අඳවා දියරෙදි මිරිකා ඒ ජලයෙන් කිරුළ දොවා මලින් මව පුදා ප්‍රදක්ෂිණා කර සම්භාවනා දක්වයි. මේ ආදී වශයෙන් කරන දීර්ඝ විස්තරය ආදර්ශවත් වූවකි. එසේම සේවකයෙකුට වුවද දාසයා යැයි නොකීමට තරම් රජු නිහතමානී විය. දිනක් රජතුමා දාසයෙකුට දාස යැයි ඇමතීය. ඒ ගැන පසුතැවිලි වූ හෙතෙම පෙරළා තමාට දාසයා යැයි ඔහු ලවා කියවා ඔහුගෙන් සමාව ගත් බවත් මෑණියන් ලවා තමා දාසයෙකු ලෙස මහා සංඝයාට පූජා කරවා වටිනා කමට ධනය දී නිදහස් වූ බව ද මහාවංසය වාර්තා කරයි. එහෙත් එකොළොස් වසක් වූ ඔහුගේ රාජ්‍ය කාලය තුළ සිදු වූ වෙනත් විශේෂ යමක් නොවීය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්