
180+ පරම්පරා සටහන්
මහාවංස ප්‍රදීපිකාව ග්‍රන්ථයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි. එයින් එක් කොටසක් වන්නේ මහරජවරුන්ගේ පරම්පරා සටහන් සහිත පිටුයි. 194ක් මහරජවරුන් ඇතුලත් මෙම ග්‍රන්ථයේ පරම්පරා සටහන් 180කට අධික ප්‍රමාණයක් ඇතුලත්ව ඇත. එම පරම්පරා සටහන්වල එම මහරජුගේ සිට අවම වශයෙන් පරම්පරා දෙකක් ඉදිරියට හා පරම්පරා දෙකක් පසුපසට ඇතුළත්ව ඇත. මෙම සටහන් පැහැදිලිව තේරුම් ගැනීමට පහසුවන පරිදි සැලසුම් සහගතව ඉදිරිපත් කර ඇත. මෙම පරම්පරා සටහන් මගින් අපගේ රාජ පරම්පරාවේ ගලායෑම මැනවින් අවබෝධ කරගැනීමට අවස්තාව උදාවනු ඇත. තවද යම් රජෙකු විසින් කෙනෙකු මරණයට පත් කලේ නම් ඒ පිළිබඳවද විසේෂිත වූ ක්‍රමවේදයකට ඇතුලත් කොට ඇත . එමගින් අද සමාජයේ වැරදි ලෙස සමාජගත වී ඇති ඉතිහාසයේ රාජ්‍ය ලබාගැනීම් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාවක් ලැබේ. එමෙන්ම එම එක් එක් රජවරුන්ට සම්බන්ධව කටයුතු කල නිලධාරීන් ද එම පරම්පරා සටහනට ඇතුලත් කොට ඇත . ඔබට මෙම පරම්පරා සටහන් පරිශීලනය කිරීමෙන් අපේ රාජ වංශයන් හා ඒ එක් එක් රාජ වංශය ඇතුලත් රජවරු පිළිබඳවද ඔබගේ දැනුම වර්ධනය කරගත හැක.
200කට අධික A4 රමාණයේ රජවරුන්ගේ තාත්වික රූප
මෙම ක්‍රමය ග්‍රන්ථයකට ඇතුළත් කරන ලෝකයේ පළමු අවස්ථාව විය හැක. සාමාන්‍යයෙන් පොතක් මිළ දී ගත් පසු එහි අඩංගු කරුණු නිවැරදි කිරීමට එම පොත තුළ පාඨකයාට අවස්ථාව හිමි නො වේ. නමුත් ඉතිහාසය හැදෑරීමේදී ඉතිහාස කරුණු නවතම සොයාගැනීම් මත වෙනස්
වීමට පුළුවන. ඒ නිවැරදි කිරීම් පිළිබඳව පාඨකයා දැනුවත් කිරීම ට මෙම විශේෂිත වූ ක්‍රමය මගින් අවස්ථාව හිමිවේ. ඉහත සඳහන් කරුණු පරිදි ඔබගේ ග්‍රන්ථයේ අයිතිය තහවුරු කිරීමෙන් පසු මෙම අවස්ථාව හිමිවේ. මෙම ග්‍රන්ථය නිකුත් කිරීමෙන් පසුව සිදුවන නිවැරදි කිරීම් ඔබගේ
ග්‍රන්ථයේ ූඍ කේතය හරහා ඔබට ලබා ගත හැකි අතර කැමති නම් ඔබට එය පොතේ පිටුවක් ලෙස එවන ලෙසට ද ඉල්ලීම් කළ හැක. එම පිටුව ඔබට බාගත කර ගත හැකි අතර එය මුද්‍රණය කර ඇලවීම සඳහා ග්‍රන්ථයේ විශේෂිත වූ ස්ථානයක් වෙන් කොට ඇත.විවිධ වර්ණ භාවිතය

කාල රේඛා සටහන්

පිටු සැකැස්ම

රූප පිටුවේ සැකැස්ම
රජවරුන්ගේ රූප සහිත පිටුවේ සැකැස්ම මෙමගින් දක්වා ඇත. රජුගේ රුපයට අමතරව අඩංගුවන කරුණු සම්බන්ධව මෙමගින් දැනුවත් කර ඇත. මෙම පිටුවේ රජුගේ නාමයන් සහ රාජකා කාලය පිළිබඳව අනෙකුත් ප්‍රධාන මූලාශ්‍ර පිළිබඳව මෙන්ම එම රජුගේ කාලයේදී සිදු වූ විශේෂිත සිද්ධීන් පිළිබඳව කෙටි සටහනක් මෙන්ම රජුගේ චරිතය හා සම්බන්ධ වූ පුද්ගලයන්ද රජුගේ රූප සමග ඇතුලත් කර ඇත.