පෘතුග්‍රීසි පාලනය - (1505 - 1658)
ceilâo ceylon පෘතුග්රීâසි කොළණිය 1505-1658 අගනගරය - කොළඹ භාෂා - පෘතුග්රී සි දේශපාලනික ව්යුතහය - යටත් විජිතය රජු - 1505-1521 1 වැනි මනුවේල 1656-1658 vi අෆොන්සෝ කැප්ටන් මේජර් 1518 ජෝහා ද සිල්ඕර්ගා (පළමු) 1827-1835 පෙද්රෝ හොමෙම් පෙරෙයියා (අවසාන) ආණ්ඩුකාරවරු 1594 පෙද්රෝ ලොපෙස් ද සූසා (පළමු) 1656-1658 A අන්තෝනියා දො අමරාල් ද මෙනෙසෙස් (අවසාන)
ඓතිහාසික යුගය - අධිරාජ්යඅවාදී
හමුවීම සහ වෙළඳාම 1505 අගෝස්තු 15 කෝට්ටේ රාජ්ය සමග
පෘතුග්රීාසි පාලනය බිඳ වැටීම - 1658 ජනවාරි 14 මුදල් වර්ගය - පෘතුග්රීාසි ටැන්ගා
පෘතුග්රී්සි ලංකාව (පෘතුග්රීසසි භාෂාවෙන්- Ceilâo)
පෘතුග්රී්සි ලංකාව යනු පෘතුග්රීුසීන්ට අයිතිව තිබූ භූමි ප්රඹදේශයකි. ශ්රීත ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුග්රී සීන් පාලනය කළ කාලයයි. පෘතුග්රීරසීන් ලංකාවට පළමුවෙන්ම පැමිණ කෝට්ටේ රාජ්යද සමග ගිවිසුමක් ඇතිකර ගත්හ. පෘතුග්රීකසි ලංකාව සංස්ථාපනය වන්නේ යටත් කර ගත් කෝට්ටේ රාජ්යග හා ඉන්පසු ආක්ර මණය කොට යටත් කර ගත් අවට පිහිටි රාජ්යකයනුත් එක්වීමෙනි. 1565 දී පෘතුග්රීුසි ලංකාවේ අගනගරය කෝට්ටේ සිට කොළඹට ගෙන එන ලදී. පෘතුග්රී.සීන් හඳුන්වාදෙන ලද ක්රිවස්තියානිය සිංහල ජනතාව සමග ඝට්ඨන ඇති වීමට හේතු විය.
කලක් ගත වෙද්දී ලාංකිකයෝ තම නිදහස ලබා ගැනීම සඳහා ලන්දේසීන්ගෙන් උදව් බලාපොරොත්තු වූහ. ලන්දේසීන් මුලින්ම කන්ද උඩරට රාජ්යී සමග ගිවිසුමක් ඇති කර ගත්හ. 1627 දී අයිබීරියන් ආර්ථිකය බිඳ වැටුණු පසු ලන්දේසීන් ආසියාවේ යටත් විජිත ආක්රොමණය කරන බව6 පෙනී ගියේය. පසුව පෘතුග්රීැසි පාලනය යටතේ තිබූ ලංකාවේ ප්රරදේශයන් ලන්දේසීන්ට පවරා දෙනු ලැබුණි. එසේ වුවද පෘතුග්රී සි පාලනය සමයේ සිට අද දක්වා පෘතුග්රීේසි සංස්කෘතික ලක්ෂණ ශ්රී. ලංකාවේ ඉතිරිව පවතී.
ආසියාව බටහිරින් මුස්ලිම් වරුන්ගෙන්ද නැගෙනහිරින් මොංගෝලියන් වරුන්ගෙන්ද එල්ල වූ ආක්රිමණවලට මුහුණ දෙමින් සිටියේය. ලංකාව තිබුනේ චීනයේ ආරක්ෂාව යටතේය. පෘතුග්රීආසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුග්රීපසි ආක්රගමණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්රීක ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.
ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්රංදශයන් ලංකරගෙන ඔවුනට ත්රී කුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්රීිකුණාමලය ප්රංදශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්රනදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්රිායාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පලාත් සියල්ලම පාලනය කල අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර්වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්යර මිනිස් ශ්රහමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.
සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්ර්දේශ පහක්ද (වර්තමාන නුවර දිස්ත්රිේක්කය) රජු යන නාමයද ප්රනධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්රිරයාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්රියෝජනයට ගෙන ගෝව නගරෙය් ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්රී සි හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්රීමසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්රේ ල් 3 දින ත්රිැකුණාමලයට ගොඩ බැස්සේය.
1505 හෝ 1506 දී සිදු වූ ලංකාවේ ප්‍රථම පෘතුග්‍රීසි පැමිණීම කෙරුණේ ලොරොන්සෝද අල්මේදා විසින් හදිසියේ මුහුණ පෑ කුණාටුවේ ප්‍රථිඵලයක් ලෙස ඔහු ලංකාවේ ගාල්ලට ආසන්න වෙරළට ගසා ගෙන ඒමෙණි. 1505 හෝ 1506 වසරේ අන්තිම මාස කිහිපය තුළ ලොරෙන්සෝගේ නැව් හමුදාව කොළඹට පිටතින් නැංගුරම් ලන ලදී. මෙම ප්‍රථම ගොඩබැසීම සිහිවීම පිණිස ගොඩනැගූ ස්මාරකය කොළඹ බොක්කේ සිට බැලූ විට දක්නට ඇත. පෘතුග්‍රීසීන් එය පාද්රෝ (Padrao) යනුවෙන් නම් කළහ. පෘතුග්‍රීසීන් රාජ්‍ය ලාංඡනයට ඉහළින් කුරුසිය සහිත මෙම සිහිවටනය 1920 දී තරම් කාලයේදී දක්නට ලැබුණේ 1501 දාතම සමගයි. එවැනි දාතමක් සඳහන් වන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි කළ නොහැක.
ඔව්හු කෝට්ටේ නැවතී හිඳිමින් රජු සමග ගිවිසුමක් සම්පූර්ණ කරන ලදී. දිවයින රාජධානි හතරකට බෙදා තිබුණේය. ඒ කෝට්ටේ, සීතාවක, මහනුවර සහ උතුරේ යාපනය වශයෙනි. මෙයින් වැදගත් ස්ථානයක් ඉසිළුවේ කෝට්ටේය.
1518 දී විසුරේ තැන්පත්, ලෝපෝ සොආරේස් ද අල්බර්ගේරියා විශාල නැව් හමුදාවක් සමග කොළඹට ගොඩබැස්සේය. මෙහිදී ඔවුහු කුඩා බල කොටුවක් තැනීම ආරම්භ කළහ. එය නම් කර තිබුණේ නොසා සෙඤෝරා දා වර්තුදේ නොහොත් සැන්ටා බාබරා වශයෙනි. මෙම පළමු බල කොටුව ත්‍රිකෝණාකාර විය. මධ්‍යයේ කුළුණකින් යුක්ත විය. සිංහලයෝ වහාම කොටුව වැටලුහ. 1524 දී පමණ පෘතුග්‍රීසීහු එය කඩා දැමූහ. ඔවුහු කෝට්ටේ රජුගේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ නියෝජිතයෙකු දිවයිනේ නැවැත්වූහ.
කොළඹ අතහැර දැමීම පෘතුග්‍රීසීන්ට සිදුවූ අත්වැරදීමක් බව පැහැදිලි විය. මුස්ලිම්වරු වහාම කළේ කෝට්ටේ රාජධානියේ ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීමටත් කුරුඳු වෙළඳාමේ අයිතිය නැවත ඔවුනට ලබා ගැනීමටත් උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් ඒ වන විට ලංකාවේ රැඳී සිටි පෘතුග්‍රීසීන් ස්වල්ප දෙනෙක් විසින් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කරන ලදී. මාපිල්ලාවරු (මලබාර් මුස්ලිම් ජනතාව) 1539 දක්වා කෝට්ටේ සහ සීතාවක රාජධානි තුළ අර්බුදයන් දියුණුකළ අතර පෘතුග්‍රීසීන් ලංකාවේ සිටීම සම්බන්ධයෙන් විරුද්ධ වූහ. 1538 දී මාර්ටිම් අෆොන්සෝ ද සොයිසා 'වෙඩෙලෙයි' දී ද 1539 දී මිගෙල් ෆෙරෙයිරා මීගමුවේදී ද මාපිල්ලාවරු අවසාන වශයෙන් පරාජය කළහ.
මෙම වර්ෂවලදීම කෝට්ටේ රජු විසින් දිරිමත් කරන ලදුව මිෂනාරිවරු ලංකාවාසී ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ කටයුතු ආරම්භ කළහ. ගිනිකොණ පෙදෙසේ ධීවර ගම්මානවල පල්ලි ගොඩනැගුණි. 1544 දී යාපනයේ රජු මන්නාරම් දිවයිනේදී ක්‍රිස්තියානි ලබ්ධිකයින් 600 ක් සමූල ඝාතනය කළේය. එසේ වුවත් 1582 වන විට යාපනයේ රජු පෘතුග්‍රීසීන්ට යටත් වී කප්පම් ගෙවුවේය.
1550 ඔක්තෝබරයේ අෆොන්සෝද නොරොඤ්ඤා විසුරේ තැන පෘතුග්‍රීසි හමුදා භටයන් 500 දෙනෙකු කැටුව ලංකාවට පැමිණියේය. ඔහු කෝට්ටේ යටත් කරගෙන සීතාවක රාජ්‍යය කොල්ල කෑවේය. එහෙත් ඒ විසුරේට මුළු ලංකාවම පෘතුග්‍රීසි ආධිපත්‍ය පැතිරවීමට තිබුණු හොඳ අවස්ථාවක් අහිමි කර ගත්තේය. 1554 නොවැම්බරයේදී ඩුආර්තේ ද ඒසා තවත් සොල්දාදුවන් 500 ක් දෙනා සමග කොළඹ නව බලකොටුවක් තැනුවේය.
1556 වන විට ධීවර ජනාවාසවල 70000 ක් ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදී. කෝට්ටේ රජු වූ ධර්මපාල, දොම් ජුවඕ පෙරෙයිරා බණ්ඩාර නමින්ද බිසව දෝන කතරිනා නමින්ද නැවත බෞතීස්ම කරණු ලැබ ක්‍රිස්තියානි ආගමට හරවා ගනු ලැබූහ. රජු අනුව යමින් ප්‍රභුවරු කිහිපදෙනෙක්ද දොම් යන ගෞරවාර්ථ පෘතුග්‍රීසි පදය තමන්ගේ නම්වලට එක් කර ගත්හ. එමෙන්ම පෘතුග්‍රීසි සිරිත් විරිත් සහ ඔවුන්ගේ භාෂාව භාවිතා කරන්නට පටන් ගත්හ. මෙවැනි ක්‍රියා හේතුවෙන් සිංහල පොදු ජනතාව රජු සහ රජුගේ පිරිවර කෙරෙහි කළ කිරුණහ.
පෘතුගාල ස්පාංඤ්ඤ රාජකීය නිවාස මගින් පාලනය කිරිමෙන් පසුව (1580 සිට 1640 දක්වා) යටත් විජිත ජනයාට ජීවිතය ගතකිරීම අපහසු විය. රජතුමා වෙත වැසියන් රැක බලාගැනීමට සුදුසු පහසුකම් නොතිබු නිසා ශ්‍රී ලංකාවේ බෝහෝ ප්‍රදේශ අපරාජිත තත්ත්වයට පත්විය. දේශපාලනමය හා සමාජමය ව්‍යාකූලත්වය ජිවිතයේ මග වු අතර, රටේ සියල්ලම පැහැර ගෙන පැහරගෙත් දෙය පෘතුගාලයට නැව්ගත කරන ලදී. මෙම කාලයේ දී මිනිසුන් පෘතුගීසි පාලනයට වෛර කළ අතර, ලන්දේසින්ගේ මැදිහත්වීම අප්‍රසන්න පෘතුගීසි පාලකයගේ නිදහස් වීම සඳහා හැකි එකම මාර්ගය ලෙස සලකන ලදී. ලන්දේසින් විසින් මහනුවර රජ සමග 1639 දී මහනුවර ගිවිසුමට අත්සන් තබන ලදී. එමගින් පෘතුගිසින්ට විරුද්ධව කරන යුද්ධය වෙනුවෙන් ගෙවනු ලබන චේතනය සහ අනිකුත් වියදම් මහනුවර රජතුමා විසින් ගෙවිය යුතු බවට සඳහන් විය. රජතුමා සතුව ප්‍රමාණවත් මුදල් හෝ කුළු බඩු වියදම් සඳහා ගෙවීමට නොහැකි වු විට ගෙවිය යුතු මුදලට වන්දිය ලෙස ඔවුන් අයකරගත් වරායන් සහ ඉඩම් ලබා ගන්නා ලදී.
පෘතුගීසි පාලනයෙන් ශ්‍රීලංකාවට උරුම වූ දේ
පෘතුගීසින් විසින් මහනුවර රජු සමග සටන් වැදීමට කැනේරියා දුපත් වල සොල්දාදුවන් ගෙන්වන ලදි. එවුන් පහතරට සිංහල ජනතාව සමඟ පදිංචි වු අතර මිශ්‍රව විසීය.කම්කරුවන් කේරල ප්‍රදේශයෙන් ගෙන්වා ගත් අතර ඔවුන් කුරුදු වතුවල කුරුදු තලන්නන් බවට පත්විය. පෙරේරා, ආබනි, ප්‍රනාන්දු , රොද්‍රගු සහ සිල්වා වැනි පෘතුගිසි නම් සිංහල සංස්කෘතියේ කොටසක් බවට පත්විය. අළුත් තාලයක වු සමාගම කුලයේ ඇතිවිය. පෘතුගීසින් ලාංකීකයන් සඳහා සිංහල රජවරු හෝ ලන්දේසි පාලනයන්ට වැඩි පහසුකම් සපයන ලදී. පෘතුගීසි සංස්කෘතිය ලාංකික සංස්කෘතියේ ස්ථිර කොටසක් වු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මුහුදු බඩ පළාත් වල ජනයා සහ කතෝලිකයින් බවට පත්වුනි.මිනිසුන්ගේ ආහාර සහ ඇදුම් පෘතුගීසින් විලාසිතවන්ට හැඩගැසුණි .
දැනට ශ්‍රී ලංකාවේ සිටින පෘතුගීසින් ගෙන් පැවත ගෙන එන ජනයා කලින් වරයන් තිබු ප්‍රදේශවල ජීවත් වු ඔවුන්ගේ භාෂාවන් පවත්වාගෙන යනු ලබයි.