ලන්දේසි පාලනය - (1656 - 1796)

ආසියාව බටහිරින් මුස්ලිම් වරුන්ගෙන්ද නැගෙනහිරින් මොංගෝලියන් වරුන්ගෙන්ද එල්ල වූ ආක්‍රමණවලට මුහුණ දෙමින් සිටියේය. ලංකාව තිබුනේ චීනයේ ආරක්ෂාව යටතේය. පෘතුගීසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුගීසි ආක්‍රමණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්‍ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.
 
ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්‍රංශයන් ලංකරගෙන ඔවුනට ත්‍රීකුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්‍රීකුණාමලය ප්‍රංශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්‍රදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්‍රියාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පලාත් සියල්ලම පාලනය කල අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර්වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්‍ය මිනිස් ශ්‍රමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.
 
සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්‍රදේශ පහක්ද (වර්තමාන නුවර දිස්ත්‍රික්කය) රජු යන නාමයද ප්‍රධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්‍රියාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ගෝව නගර‍යේ ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්‍රීසි හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්‍රීසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්‍රේල් 3 දින ත්‍රිකුණාමලයට ගොඩ බැස්සේය.
 
පාලකයෝ
1 විලෙම් ජකොබ්සූන් කෝස්ටර්1640 - 1640
2 ජාන් තයිසූන් පයාට්1640 - 1646
3 ජෝන් මෙයිට්සුයිකර් 1646 - 1650
4 ජාකොබ් වැන් ක්යින්ස්ටීන්1650 - 1653
5 ඇඩ්රියන් වැන් ඩර් මෙයිදෙන්1653 - 1660
6 රිජෙක්ලොෆ් වැන් ගොඑන්ස්1660 - 1661
7 ඇඩ්රියන් වැන් ඩර් මෙයිදෙන්1661 - 1663
8 රිජෙක්ලොෆ් වැන් ගොඑන්ස්1663 - 1663
9 ජෙචොබ් හුස්ටර්ට්1663 - 1664
10 ඇඩ්රියන් රූතෙස්1664 - 1665
11 රිජෙක්ලොෆ් වැන් ගොඑන්ස්1665 - 1675
12 රික්ලොෆ් වැන් ගොන්ස් දි ජෝන්ගේ1675 - 1679
13 ලොරෙන්ස් වැන් පිල්1679 - 1693
14 තෝමස් වැන් රී1693 - 1695
15 පවුලුස් වැන් රූ1695 - 1695
16 ගෙරිට් දී හීරේ1697 - 1702
17 කොරනේලිස් ජෝන් සිමන්ස්1703 - 1707
18 හෙන්ද්‍රික් බේකර්1707 - 1716
19 අයිසැක් ඔගස්ටින් රම්ප්1716 - 1723
20 ආනොල්ඩ් මෝල්1723 - 1724
21 ජොහැන්නස් හ්ර්ටන්බ්ර්ග්1724 - 1725
22 ජෝන් පෝල් චාගෙන්1725 - 1726
23 පෙට්‍රස් වයිස්ට්1726 - 1729
24 ස්ටේපනස් වර්ස්ලුයිස්1729 - 1732
25 ගවුල්ට්ර්ස් වවුට්‍ර්ස්1732 - 1732
26 ජාකොබ් ක්‍රිස්ටියන් පිලාට්1732 - 1734
27 දෙද්රික් වැන් ඩම්බ්ර්ග්1734 - 1736
28 ජාන් මැකාරේ1736 - 1736
29 ගස්ටාෆ් විලෙම් බාරොන් වැන් ඉම්හොෆ්1736 - 1740
30 විලෙම් මව්රිට්ස් බ්රුයනික්1740 - 1742
31 ඩැනියෙල් ඕවර්බීක්1742 - 1743
32 ජුලියස් වැලන්ටින් ස්ටෙයින් ගොලේන්සේ1743 - 1751
33 ජෙරාඩ් ජෝන් වීලාන්ඩ්1751 - 1752
34 ජාකොබ් දී ජොන්ග්1752 - 1752
35 ජෝන් ගිඩියොන් ලොටෙන්1752 - 1757
36 ජාන් ශ්රුඩර්1757 - 1762
37 ලුබර්ට් ජාන් බාරොන් වැන් ඊක්1762 - 1765
38 අන්තෝනි මූයාට්1765 - 1765
39 ඉමාන් විලෙම් ෆාක්1765 - 1785
40 විලෙම් ජාකොබ් වැන් දී ග්‍රාෆ්1785 - 1794
41 ජොහාන් වැන් අන්ගේල්බීක්1794 - 1796
 
යුග
  • ලන්දේසි ආණ්ඩුකාරවරු
  • 1640 - 1796
     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS