2 වන ගජබාහු රජතුමා
1131 - 1153
ඇවෑමෙන්
මහා පරාක්‍රමබාහු රජතුමා
1153 - 1186
ඇවෑමෙන්
2 වන විජයබාහු රජතුමා
1186 - 1187
 
මහා පරාක්‍රමබාහු රජතුමා

විජයබාහු වංශය | පොලොන්නරුව - (1153 - 1186)

පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු; 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. "අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය " යන භාෂණය ඔහුගේ ජනප්‍රිය කියමන් අතුරින් එකකි.
 
පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කිත්ති ශ්‍රී ‍මේඝ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය.[4] දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.
 
චූලවංශය පවසන්නේ, පරාක්‍රමබාහු රජතුමා " වසර තිස්තුනක් පුරා රාජ්‍යය කලේය", සහ එතුමා පොළොන්නරුවෙහිදී මිය ගි‍ය බව පමණි. එතුමා විසින් කාලිංගයෙහි අගනගරය වූ සිංහපුර වෙතින් මෙරටට ගෙන්වා ගෙන ඇති හා ඔහුගේ “සොහොයුරියගේ පුත්‍රයා” ලෙසින් හැඳින්වුනු විජයබාහු, ඔහුගේ අනුප්‍රාප්තිකයා විය.රුහුණෙහි මානාභරණ හට සරණපාවා දී තිබුණු පරාක්‍රමබාහුගේ සොහොයුරියන් වන ප්‍රභාවතීගේ හෝ මිත්තාගේ හෝ පුත්‍රයා වීමට විජයබාහු හට කිසිසේත් ඉඩක් නොමැත්තේ, එවිට කාලිංගයෙන් ඔහු කැඳවා ගැනුම පැහැදිලි කල නොහැකි වීම නිසාය. ගජබාහු සහ රජුගේ අනෙකුත් නම් කරන ලද සෙහොයුරිය වන භද්දාවතී ගේ ප්‍රත්‍රයා වීමටද ඔහුට ඉඩක් නොමැත්තේ, ඔහුට වඩා ආයුෂ සහිතවූ පුතුන් ගජබාහු හට නොසිටිය බව චූල වංශය විසින් පැහැදිලි ලෙසින් දක්වා ඇති බැවිනි. මේ අනුව උපග්‍රහණය කල යුතුව ඇත්තේ විජයබාහු යනු කාලිංග රජෙකුට සරණ පාවා දී තිබුනු රජුගේ අඥාත සතරවැනි සෙහොයුරියක ගේ පුත්‍රයා බවය.තහවුරු කරන්න] රජුගේ භූමදාන ස්ථානය නොදනී.අ0ගම් සටන් මධ්‍යස්ථාන පවා පවත්වාගෙන යාම මෙතුමා අතින් සිදුවූ වැදගත් මෙහෙයකි.
 
ඡායාරූප
Thivanka Pilmageya
පොලොන්නරුව,

ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ පොලොන්නරුව රාජධානියේ රජ වූ මහා පරාක්‍රමබාහු රජතුමා කරවූ ජේතවනාරාම සංකීර්ණයේ විහාර ගෙය තිවංක පිළිම ගෙයයි. මෙය උතුරු වෙහෙර ලෙසද හඳුන්වා ඇත. පොළොන්නරුවේ...


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,
Reconstruction : 2 වන පරාක්‍රමබාහු රජතුමා,

King Parakramabahu I
පොලොන්නරුව,

Parākramabāhu I (Pali Mahā Parākaramabāhu 1123–1186) was king of the Kingdom of Polonnaruwa from 1153-86. During his reign from the capital city of Polonnaruwa, he unified the three lesser kingdoms of the island, becoming one of the last monarchs in Sri Lankan history to do so. He oversaw the expansion and beautification of his capital, constructed extensive irrigation systems, reorganized the country's army, reformed Buddhist practices, encouraged the arts and undertook...


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,

Polonnaruwa Watadage
පොලොන්නරුව,

The Polonnaruwa Vatadage is an ancient structure dating back to the Kingdom of Polonnaruwa of Sri Lanka. It is believed to have been built during the reign of Parakramabahu I to hold the Relic of the tooth of the Buddha or during the reign of Nissanka Malla of Polonnaruwa to hold the alms bowl used by the Buddha. Both these venerated relics would have given the structure a great significance and importance at the time. Located within the ancient city of Polonnaruwa, it is the best...


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,

Parakrama Samudraya
පොලොන්නරුව,

Parakrama Samudra (or King Parakrama's sea or the Sea of King Parakrama) is a shallow reservoir, consisting of five separate reservoirs(thopa, dumbutulu, erabadu,boo, katu tanks) connected by narrow channels in Polonnaruwa, Sri Lanka.  

The northernmost reservoir is the oldest and referred to as Topa wewa (Sinhalese wewa = lake or reservoir) built around 386 AD. The middle section Eramudu wewa and the southernmost portion, at the highest elevation, is Dumbutula...


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS