සිරි සඟ බෝ වංශය | කෝට්ටේ - (1551 - 1597)
දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි: Dom Joaõ Dharmapala) ශ්‍රී ලංකාව පාලනය කළ රජ කෙනෙකි. ඒ වසර 1551 සිට 1597 මැයි 27 දක්වාය. ඔහු හත්වන බුවනෙකබාහු රජ තුමාගේ මුණුපුරා ද වීදිය බංඩාරගේ හා සමුද්‍රදේවියගේ පුත්‍රයා ද වේ. බුවනෙකබාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමාරයා රාජාභිෂේක ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු කතෝලික රජු විය.