I වන ගජබාහු රජතුමා
113 - 135
ඇවෑමෙන්
මහල්ලකනාග රජතුමා
135 - 141
ඇවෑමෙන්
භාතික තිස්ස රජතුමා
141 - 165
 
මහල්ලකනාග රජතුමා

ලම්බකර්ණ වංශය I | අනුරාධපුරය - (135 - 141)

මූලාශ්‍රයරාජ්‍ය නාමයරාජ්‍ය කාලය
මහාවංසයමහල්ලකනාග6-0-0
පූජාවලියමහලුමානා6-0-0

1 වන ගජබාහු  රජතුමාට දරුවන් නොසිටි බැවින් එතුමාගේ බිසවගේ පියාණන් වූ මහල්ලක නාග රජතුමාට රජකම හිමිවිය. හබැස්ස ශිලා ලිපියේ සඳහන් "උවරජනක" (උපරාජනාග) මොහුම බව හඳුනාගෙන ඇත. වන්කනාසිකතිස්ස රජතුමා අනුරාධපුර පාලනය ගෙනගිය කාලය තුල රුහුණ පාලනය කල එතුමාගේ සොයුරු උතර රජතුමාගෙන් පසුව රුහුණේ රජකම හිමිවූයේ මෙම උපරාජනාග රජතුමාට බව සඳහන්. එබැවින් මෙතුමා වසභ රජතුමාගේ මුනුබුරෙකු ලෙස ශිලා ලිපි මගින් තහවුරු වේ.  

 
ක්‍රියා
  • පේජලක විහාරය කරවීය.
  • කොටපබ්බත විහාරය කරවීය. (කොටගල් වෙහෙර)
  • දකපාසාණ විහාරය කරවීය. (උදපහන් විහාරය)
  • නාගදීපයේ සාලිපබ්බත විහාරය කරවීය. (ඇල්ගිරිය විහාරය)
  • තෙනවෙලි විහාරය කරවීය.
  • කොබ්බලනාග විහාරය කරවීය.
  • ගිරිනාලික විහාරය කරවීය.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS