Era : අනුරාධපුරය,
Built : ධාතුසේන රජතුමා,
දහ හතරවන සියවසට අයත්සේ සැලකෙන පුවරු ලිපි දෙකක් මෙහි පිහිටුවා තිබේ. එක් පුවරු ලිපියක සඳහන්ව ඇති “සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර” යන පාඨයඅනුව මෙය ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දක් බවට අනුමාන කර ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන්කර ඇත්තේ මෙය ධාතුසේන රජතුමා කරවූ විහාරස්ථානයක් බවයි.
Built : 1 වන දප්පුල රජතුමා,
සෙනරත් පරණවිතාන මහතාද අදහස් කරන්නේ මෙය පළමුවන දප්පුල (දාපුළුසෙන්) රජු කරවන්නට ඇති බවයි පසු කාලීනව සෙල් ලිපිය කරවද්දී දාපුළුසෙන් යන්න දාසෙන් කැලි ලෙස පැටලෙන්නට ඇති බව ඔහුගේ අදහස වී තිබී ඇත.
Built : කාවන්තිස්ස රජතුමා,
පුරාවෘතවල සඳහන් වන්නේ මෙය ක්‍රි.පූ.205 – 162 පමණ කාලයේ රජ කල කාවන්තිස්ස රජ සමයේ ඉදිකොට ඇති බවයි. කැලණිතිස්ස රජ මුහුදට බිලිදුන් විහාර මහා දේවිය පොතුවිල් මුහුදු මහා විහාරය ආසන්නයට නිරුපද්‍රිතව ගොඩ බට බවත්, කාවන්තිස්ස රජ ඇය විවාහ කරගත් ස්ථානයේ මේ විහාරය ඉදිකරවා ඇති බවත් පුරාවෘත වල කියවේ. එහෙයින් මේ විහාරස්ථානය මගුල් මහා විහාරය යනුවෙන් හැඳින්වෙන බව කියති.
Reconstruction : විහාරමහා දෙවිය,
දහ හතරවන සියවසේදී පරාක්‍රමබාහු සොහොයුරන්ගේ බිසව වූ විහාරමහා දේවිය මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කල බවත් එහි නඩත්තුව සඳහා ඉඩම් පුජා කල බවත් පුවරු ලිපියක දැක්වේ.