දායකත්වය : වළගම්බා රජතුමා - (BC 104 - BC 103)
යුගය : අනුරාධපුරය
බැමිණිතියා සාය ලෙස හදුන්වනු ලබන මහා දුර්භික්ෂය ක්‍රි. පු. 103 සිට 89 අතර කාලයේ වළගම්බා රජුගේ පාලන කාලයේ ඇති විය. මෙයට ප්‍රධාන හේතු සාධකය වුයේ දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවට බල පෑ ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවලට සිදුවූ විනාසය හා ඒවා අලුත් වැඩියා කිරීමට ආක්‍රමණ හමුවේ නොහැකි වීමයි.
මේ සාගතය පසුබිමෙහි ටීය, තීය සහ තිස්ස යන නම්වලින් හැඳින්වුණු බ්‍රාහ්මණයාගේ මෙහෙයීමෙන් හටගත් කැරලිකාරී වාතාවරණය ද රටෙහි පැවැතීම මෙයට බ්‍රාහ්මණ ටීය නොහොත් බැමිණිටියා නොහොත් බැමිණිතියා සාය යන නම ලැබීමට හේතු විය.
මෙම කාලය ශ්‍රී ලංකාවට අඳුරුතම පිඩිත කාලයක් විය. තද නියගය මෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් ඔවුන් යටත් කරගත් ප්‍රදේශ වල වූ වැව් අමුණු අලුත් වැඩියා කිරීම හා නඩත්තු කිරීම පැහැර හැරිම මෙයට බලපෑවේ ය. මෙම තත්වය පහව යන්නේ ආක්‍රමණික රජවරුන් පස් දෙනාගෙන් පසු වළගම්බා රජතුමා නැවත බලය අල්ලා ගැනීමත් සමගය. නැවත බලය ක්‍රි. පු. 89 ලබාගැනීමෙන් පසු එතුමා ඉක්මනින් කැඩි බිදී විනාශ වි ගිය වැව් අමුණු සියල්ල යළි යථා තත්වයට පත් කිරීමට කටයුතු යෙදී ය. මෙමගින් ක්‍රි. පු. 89 පමණ වන විට බැමිණිතියා සාය නම් වූ මහා දුර්භික්ෂය පහ ව යාම ආරම්භ විය. මෙම මහඟු කර්තව්‍යය නිසා වළගම්බා රජතුමා ශ්‍රේෂ්ඨ වීරවරයකු ලෙස සලකනු ලබයි.
මෙම දුර්භික්ෂය ගැන ශ්‍රී ලංකාවේ පැරණිතම ශාස්ත්‍රීය ග්‍රන්ථය වූ සීහළවත්ථුප්පකරණය නම් වු ග්‍රන්ථයෙහි කිහිප වතාවක්ම සදහන් වේ.