අටදාගේ - පොලොන්නරුව
Era : පොලොන්නරුව
Built : 1 වන විජයබාහු රජතුමා,

දළදා මළුව තුල ඇති පැරණිතම ගොඩනැගිල්ල වන මෙය අඩි 75ක් දිග හා අඩි 45ක් පළලින් යුක්තය. කොරවක් ගල් සහිත පිය ගැටපෙලක්, අන්තරාලයක් හා ගර්භ ගෘහයක් මෙහි දක්නට ඇත. මෙහි දැනට ශේෂව ඇත්තේ ගල් කුළුණු 60ක් පමණ ප්‍රමාණයක් පමණි. මේ සමහර කුළුණුවල, කල්පලතා මෝස්‌තර, වාමන රුප, නාට්‍යන්ගනාවන්ගේ රුප, බෝධිසත්ව රුප ආදිය කැටයම් කොට තිබෙනු පෙනේ. මහා විජයබාහු රජතුමා විසින් තනන ලද මෙය මහල් දෙකකින් යුක්තව තිබී ඇත. ඉහල මහල දැවයෙන් තනා උළු සෙවිලිකර තිබුනාවිය හැකිය. දන්ත ධාතුන්වහන්සේ හා පාත්‍රා ධාතුව මෙහි ඉහල මහලේ තැන්පත්කොට තිබෙන්නට ඇති අතර බිම් මහල බුදු ගෙයක් ලෙස භාවිතා කරන්නට ඇත.  මෙය ඉදිකිරිම සඳහා වෙනත් ගොඩනැගිලි වලින් කොටස් ගෙනවිත් ඇත.

මිට අටදාගේ යනුවෙන් ව්‍යවහාර කරනුයේ පැය අටකින්,හෝ  දින අටකින් නිමකළ බවක් කියවෙන නිසා හෝ මෙහි ධාතුන් වහන්සේලා අටනමක් තැන්පත්කොට තිබු නිසා වන්නට පුළුවන. මේ ආසන්නයේ වේලක්කාර ද්‍රවිඩ සෙල්ලිපියද දක්නට ඇත. එහි දැක්වෙනුයේ දළදා ගෙයි ආරක්ෂාව වේලක්කාර හමුදාව භාරයේ තිබුණු බවයි. අටදාගෙය ප්‍රතමාභිශේකය සඳහාද පාවිච්චිකළ බව කියති.

 

Era : පොලොන්නරුව,

Built : 1 වන විජයබාහු රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS