Wijjadara Cave
Era : Polonnaruwa

මේ විහාර සංකීර්ණයට පිවිසෙනවිට පළමුව හමුවන්නේ විජ්ජාධර ගුහාවයි. මෙහි තේමාව වී ඇත්තේ විශ්ව ව්‍යාපී ධර්මකාය සංකේතවත් කෙරෙන බුද්ධ මණ්ඩලය බවත්, මෙම ස්ථානය තාන්ත්‍රික බුදු දහමේ මන්ත්‍ර ගායනය සඳහා යොදා ගන්නට ඇති බවත්  සමහරු පවසති.  මෙහි තෙමහල් ප්‍රාසාදයක බිම් මහලේ   වජ්‍ර මෝස්තර වලින් හා සිංහ රුප වලින්  අලංකෘත  ආසනයක පිපුණු  නෙලුම් මලක්  මත  මත සමාධි මුද්‍රාවෙන් හා වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳින හිඳි පිළිමයක් නෙලා ඇත. මුල් කාලයේදී වර්ණ ගන්වා තිබූ  බවට සැලකෙන මෙහි උස ආසනයේ සිට උෂ්නිය දක්වා අඩි 15 යි අඟල් දෙකක් පමණ වේ. බුදු පිළිමයේ ශිර්ෂයට පිටුපසින් රශ්මි මාලාව කැටයම් කොට ඇත. වැඩහිඳින ආසනයේ පිට ඇන්දේ හරස් පොලු මකර මුඛ, සිංහ රූප හා නෙලුම් මල් වලින් අලංකාර කර ඇත. ප්‍රාසාදයේ දෙවන හා තෙවන මහල්වල දෙපැත්තේ කුඩා ධ්‍යානි බුදු පිළිම හතරකි. වහල කොත් කැරලි වලින් සමන්විතය.

 

Era : Polonnaruwa,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS