Gal Vihara Cave
Era : Polonnaruwa

මීළඟට හමු වන්නේ නිස්සන්න පටිමා ගෘහය හෙවත් හිඳී පිළිම ලෙනයි. මෙහි වජ්රාසනයක් මත ඡත්‍රයක්  යට  ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින හිඳී අඩි 4 යි අඟල් 4ක් පමණ වන  බුදු පිළිමයක් පිහිටි ගලින්ම නෙලා තිබේ. පිළිමය දෙපස විජිනිපත් දරා සිටින දෙදෙනෙකි. පිළිමයේ ශීර්ෂය දෙපසින් බ්‍රහ්ම හා විෂ්ණු දෙවි වරුන්ගේ පිළිම නෙලා ඇත. ලෙනෙහි බිත්තිවල  බිතුසිතුවම් ඇඳ තිබී ඇත. බිතු සිතුවම් වල ශේෂයන් තවමත් දොරටුව දෙපස දක්නට ඇත. මෙහි ඇති අතෙහි ශන්කයක් දරා සිටින මහලු දෙව් රුවක සටහන ශක්‍රයාගේ රුව යයිද,  ඉන්ද්‍රසාල ගුහාවේදී ශක්‍රයා බුදුන් වහන්සේ මුණ ගැසීම මෙයින් නිරුපනය කෙරෙන බවටද විශ්වාස කෙරේ.

 

Era : Polonnaruwa,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS