මුටසීව රජතුමා
BC 367 - BC 307
ඇවෑමෙන්
දේවානම්පියතිස්ස රජතුමා
BC 307 - BC 267
ඇවෑමෙන්
උත්තිය රජතුමා
BC 267 - BC 257
 
දේවානම්පියතිස්ස රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (BC 307 - BC 267)

මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BC - 267 BC). දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.
 
අනුරාධපුරයේ රජුව සිටි මුටසීවගේ දෙවැනි පුත්‍රයා තිස්සයි. මහාවංශය ඔහු ගැන විස්තර කරන්නේ ඔහුගේ අනෙකුත් සහෝදරයින් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම අතින් ශ්‍රේෂ්ඨතමයා ලෙසිනි. ඔහු ක්‍රි.පු. 247 දී උතුරු රාජ්‍යයේ අනුරාධපුය මුල් ‍කරගෙන සිහසුනට පත්විය. සොවුරු මහානාග කුමරු යුවරජ විය.
 
මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයා සමග පෙර සිට තිබුණු මිත්‍රත්වය මහාවංශය විස්තර කරයි. එහි 19 වන පරිච්ඡේදයේ මෙසේ කියයි. ‘දේවානම්පියතිස්ස හා ධම්මාශෝක එකිනෙකා නොදැක සිටියේ වුවද රාජ්‍යයන් දෙක අතර බොහෝ කලක සිට මිත්‍රත්වයක් පැවතියේය’. ධම්මාශෝක නම අශෝක හැදින්වීමට විකල්ප වශයෙන් භාවිතා කරන ලදී. තිස්ස අශෝක අධිරාජ්‍යයා වෙත තෑගි බෝග යැවීම මහාවංශය තවදුරටත් විස්තර කරයි. ඒවාට අශෝක අධිරාජ්‍යයා පෙරළා තෑගි බෝග එව්වා පමණක් නොව ඔහු බුද්ධාගම වැළද ගත් බවත් එසේ කරන ලෙස තිස්සට ආයාචනා කරන බවත් පිළිතුරු වශයෙන් දන්වා එවීය. තිස්ස රජු මෞර්ය සම්ප්‍රදායට අනුගතව දෙවියන්ට ප්‍රිය යන අර්ධයෙන් යුත් ‘දේවානම්පිය’ නැමැති කොටස තම නමට එක්කර දේවානම්පිය තිස්ස රජ අලංකාර මෞලි සංගල්‍යයක් පවත්වා තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය.
 
මිහින්තලය - දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගත් ඓතිහාසික ස්ථානය
තමන්ට විෂය වූ ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරවීම අශෝක අධිරාජයාගේ පරම අභිලාෂය විය. එහෙයින් තම පුතණුවන් වූ මහින්ද ශ්‍රී ලංකාවට ගොස් ශ්‍රී ලංකා වාසීන් බුද්ධාගමට හරවා ගත යුතුය යන්න අශෝක අධිරාජයාගේ තීරණය විය. මහින්දාගමනය කේන්ද්‍ර කර ගෙන ඇති වූ සිද්ධීන් සහ මිහිඳු හිමි සහ දේවානම් පියතිස්ස රජතුමා මුණ ගැසීමද සිංහල ඉතිහාස කථාවල ඉතා වැදගත් ස්ථානයක් ගනී.
 
මහා වංශයට අනුව 40000 ක් වූ සෙබල මුලක් සමග දේවානම්පියතිස්ස රජු මිස්සක නම් පර්වතය අසබඩ දඩ කෙළියෙහි යෙදුනේය. පාරම්පරිකව පැවතෙන තොරතුරු අනුව මෙම දිනය පොසොන් පුර පසළොස්වක දිනයකි.
 
මිස්සක පව්ව පා මුලට පැමිණි දේවානම් පියතිස්ස මුවෙකු දැක ඌ ලුහු බඳිමින් වන රොද තුළට වැදුනේය. මෙහිදී ඔහුට මිහිඳු හිමි මුණ ගැසුනේය. මහා වංශය මෙම සිද්ධියට හාස්‍යය මුසු කරමින් විස්තර කර ඇත්තේ රජුට යක්ෂයෙකු හමු වූ බවත් ඔහු ඉන් බියට පත් වූ බවත් සඳහන් කරමිනි. මිහිඳු හිමි රජු අමතා "මහ රජ අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වෙමු. ඔබ කෙරේ උපන් අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු" යයි පවසා සිටියහ. දේවානම් පියතිස්ස රජුට තම මිතුරු අශෝක පිළිබඳ තොරතුරු සිහියට නැගුණි. පැමිණි පිරිස ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියාවේ සිට පැමිණ ඇති බව රජුට අවබෝධ විය. මිහිඳු හිමියන් රජුට ධර්ම දේශනා කළ අතර ඉන් පසු රජතුමා බුදු දහම වැළඳ ගත්තේය.
 
දේවානම්පිය තිස්සගෙන් පසු පාරම්පරික පිළිවෙල අනුව ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනා වන උත්තිය හා මහා ශිවට රජකම උරුම විය. from Wiki
 
ක්‍රියා
  • ථුපාරාමය දාගැබ
  • බුද්ධාගම වැලඳගැනීම
  • ශ්‍රී මහා බෝධිය රෝපණය
  • චේතියගිරි විහාරය ඉදිකිරීම
  • මහමෙව්නාවේ මහා විහාරය ඉදිකිරීම
  • 30,000 කට අධික පිරිසක් පැවිදි කිරීම
  • සඟමිත් තෙරණියෝ වැඩම කරවීම
  • ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ කිරීම
  • රුවන්වැලි සෑ බිමේ ගල් ටැඹ පිහිටුවීම
  • වෙස්සගිරි විහාරය කරවීම
  • උපාසිකා විහාරය කරවීම
  • මහාපාලි බත් දන්සල පිහිටුවීම
  • දඹකොළ විහාරය කරවීම
  • තිස්ස මහා විහාරය කරවීම
  • ප්රාචීනාරාම විහාරය කරවීම
  • ප්‍රථම වරට වැදගත් ලෙසට සිදු වූ රාජාභිෂේකය
  • ශත්ථාල්හක මෙහෙණවර ඉදි කරන ලදී
  • මහාපාලී දන්හැල ඉදි කරනලදී
  • නාගදීපයේ දඹකොළ වෙහෙර ඉදි කරනලදී
  • තිස්ස මහාවිහාරය ඉදි කරනලදී
  • ප්‍රාචීනාරාමය ඉදි කරනලදී
  • වලස් වැව කරවන ලදී
  • තිසා වැව කරවන ලදී
  • මෙහෙණි සසුන පිහිටුවීම
  •  
    ඡායාරූප
    Tissa Wewa
    අනුරාධපුරය,

    Tissa Wewa, an artificial reservoir, was built by Devanampiya Tissa (3rd century BC) in order to increase the water supply to his capital city of Anuradhapura. Only Panda Wewa (5th century BC) and Abhaya Wewa (5th-4th century BC) are older. The embankment of Tissa Wewa is 2 miles (3.2 km) long and 25 feet (7.6 m) high.

    Among other uses, the reservoir supplied water to Tissa's Royal Gardens. In later centuries, Tissa Wewa and the other lakes were enlarged and...


    Built : දේවානම්පියතිස්ස රජතුමා,

    Isurumuniya Temple
    අනුරාධපුරය,

    Isurumuniya is a Buddhist temple situated near to the Tissa Wewa (Tisa tank) in Anuradhapura, Sri Lanka. There are four carvings of special interest in this Vihara. They are the Isurumuniya Lovers, Elephant Pond and The Royal...


    Built : දේවානම්පියතිස්ස රජතුමා,

    Thuparamaya Temple
    අනුරාධපුරය,

    Thuparamaya is an ancient Buddhist temple in Anuradhapura, Sri Lanka. Located in the sacred area of Mahamewna park, the Thuparamaya Stupa is the earliest Dagoba to be constructed in the island, dating back to the reign of King Devanampiya Tissa (247-207 BC). The temple has been formally recognised by the Government as an archaeological site in Sri...


    Built : දේවානම්පියතිස්ස රජතුමා,
    Some Construction : ලංජතිස්ස රජතුමා,
    Some Construction : වසභ රජතුමා,
    Some Construction : ගෝඨාභය රජතුමා,
    Some Construction : ධාතුසේන රජතුමා,
    Some Construction : II වන අග්ගබෝධි රජතුමා,
    Some Construction : දාඨෝපතිස්ස රජතුමා,
    Some Construction : 2 වන දාඨෝපතිස්ස රජතුමා,
    Some Construction : 2 වන කස්සප රජතුමා,
    Some Construction : මානවම්ම රජතුමා,
    Some Construction : 6 වන අග්ගබෝධි රජතුමා,
    Some Construction : 2 වන මහින්ද රජතුමා,
    Some Construction : 2 වන දප්පුල රජතුමා,
    Some Construction : 1 වන සේන රජතුමා,

     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS