Era : Polonnaruwa,
නිපන්න පටිමා ලෙන යනුවෙන් හැඳින්වෙන, වෙනම ඇතුළුවීමේ දොරක් හා ජනෙල දෙකක්ද සහිතවූ ලෙනෙහි මේ විහාර සංකීර්ණයේ ඇති අනෙක් බුදු පිළිමය අඩි 47ක් පමණ දිගට, සෝපාවක දකුණු ඇලයෙන් සැතපෙන ආකාරයට නෙලා ඇත. හිසට තබා ඇති කොට්ටය සිංහ මුහුණකින් යුක්තව තරමක් එබී තිබෙන ආකාරයෙන් හා දකුණු පාදය මත වන වම් පාදය තරමක් පසු පසට ගෙන තිබෙන ආකාරයෙන් නිර්මිතය. පාදවල නෙලුම් මල් පමණක් කැටයම් කොට ඇත. උදර ප්‍රදේශයේ මඳක් ඉදිරියට නෙරූ අන්දමක් හා රැලි තුනක් දක්වා ඇත. දෙකන් කොපුල් තලයට පහත්ව ඇත. ඇස් බාගෙට පියවි ඇත. වමත අප්‍රාණිකව සිරුර මත ඇති බවක් පෙන්වා ඇත. හිස මඳක් පිටුපසට වී ඇත. සිවුර පොරවා ඇති අතර කෙලවර බිම ගෑවී ඇති බවක් පෙනේ. මේ ලෂණ නිසා මෙය පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් බවට ආනන්ද කුමාරස්‌වාමි, ආචාර්ය සෙනරත් දිසානායක ආදී මහතුන් අදහස් කරති. මෙසේ පාද තබාගෙන සිටීම සාමාන්‍ය සැතපෙන ඉරියව්ව මිස පරිනිර්වාණය දැක්වෙන ඉරියව්වක් නොවන බවක් සමහරු පවසති. චන්ද්‍රා වික්‍රම ගමගේ සෙනරත් පරණවිතාණ, චාල්ස් ගොඩකුඹුර, තිරාණගම රතනසාර හිමි ආදීන්ගේ මතය වන්නේ මෙය බුදුරජානන්වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයදැක්වෙන සැතපෙන පිළිමයක් වන බවයි. මේ විහාර සංකිර්ණයේ ඇත්තේ බුදු පිළිම වලට වස්තු විෂය වී ඇති තුන් ඉරියව්ව විදහා දැක්වෙන පිළිම බව ඔවුන්ගේ අදහසයි.
මේ පිළිම වලට අමතරව සැතපෙන පිළිමයට පිටුපසින් ගල් කුළුණු කීපයක් දක්නට ඇත. මෙහිද කියම පිළිමයක් තැන්පත් කර තිබෙන්නට ඇතයි විශ්වාස කෙරේ.
මේ විහාර සංකීර්ණයේ නෙලා ඇති පිළිමවල මුහුණු වලින් බුදු රජාණන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණය ප්‍රකාශ කර ඇති ආකාරය, සමතුලිත තාවය ආරක්ෂා කරගනිමින් ඉතා තාත්වික අන්දමින් එකම ගල්කුලකින් පිළිම රැසක් නිර්මාණය කර ඇති ආකාරය ගැන සිතා බලන විට මධ්‍ය කාලින හෙළ කළා ශිල්පීන්ගේ කළා කුසල තාවය, ශිල්පිය දක්ෂතාවය හා අධ්‍යාත්මික සංවරය කොපමණ දැයි අපට වටහා ගත හැකිය.
Era : Polonnaruwa,