ථුපාරාමය – පිළිම ගෙය
Era : පොලොන්නරුව

මේ පිළිමගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකුවූ මහින්ද නැමැත්තා ඉදිකලේද, නැතහොත් විජයබාහු රජු ඉදිකලාදැයි අවිනිශ්චිතය. කෙසේවුවත් මෙය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයකි. මෙය වක්‍රාකාර ගඩොල් වහලක් සහිතව  අවුරුදු 900 කට වඩා කාලයක්  හොඳින් ආරක්ෂා වී ඇති ගොඩනැගිල්ලකි. මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහ යන අංග වලින් සමන්විතය.පිටත බිත්ති විමාන වර්ගයේ රූකම් වලින් අලංකාර කොට ඇත. මේ පිළිම ගෙයි ගඩොලින් නිමවූ හිඳි බුදුපිළිමයක් තිබී ඇත. ශෛලමය හිටි බුදු පිළිමයක් දක්නට ඇත.මේ බුදු පිළිමයේ නේත්‍ර මැණික් ගල්වලින් පිහිටුවා තිබු බවත්, ජනෙල වලින් හිරු රැස් ඊට පතිතවන ආකාරයට නිමවා තිබු බවත් කියති. මෙහි බිත්ති අඩි 7 ක් පමණ පළලය.

 

Era : පොලොන්නරුව,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS