අරාජික සමය
1283 - 1287
අවසන් වීමෙන්
3 වන පරාක්‍රමබාහු රජතුමා
1287 - 1293
පලවා හැරීමෙන්
2 වන බුවනෙකබාහු රජතුමා
1293 - 1302
 
3 වන පරාක්‍රමබාහු රජතුමා

සිරි සඟ බෝ වංශය | පොලොන්නරුව - (1287 - 1293)

ක්‍රිස්තු වර්ෂ 1284දී පළමු බුවනෙකබාහු රජතුමාගේ මරණයත් සමඟම සාගතයක් ඇති විය. මෙතැන් සිට වසර 6ක් පමණ ලංකාවේ පිළිගත හැකි රජෙක් නොසිටි නිසා එම කාලය අරාජික කාලයක් සේ සැලකේ.
 
තුන්වන පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1287 දී පාණ්ඩ්‍ය දේශයට ගොස් දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලබා ගෙන පොළොන්නරුව අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් විය. පොළොන්නරුවේ සිට රජ කළත් මෙම රජ සමය ත් යාපහුව යුගයට අයත් සේ සැලකේ. මෙතුමා ක්‍රිස්තු වර්ෂ 1293 වනතෙක් වසර 6ක් රජ කළේය. මෙයින් පසු තුන්වන පරාක්‍රමබාහු රජු පරාජය කර ක්‍රිස්තු වර්ෂ 1293 දී රාජ්‍යත්වයට පත් වූයේ දෙවන බුවනෙකබාහු රජතුමා ය.
 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS