Era : අනුරාධපුරය,
Built : සූරතිස්ස රජතුමා,
Added : ලංජතිස්ස රජතුමා,
ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත.
මිහින්තලා කන්ද මඳ දුරක් නගින විට කුඩා කඳු ගැටයක් මත බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් වන කණ්ටක චේතිය හමුවේ. පාදමේ වට ප්‍රමාණය අඩි 425 ක් පමණ හා දැනට ශේෂව ඇති උස අඩි 40 ක් පමණ වන, ගඩොල් හා හුණුගල් වලින් නිමවා ඇති මේ චෛත්‍යය කුමන රජකෙනෙකුන් විසින් ඉදිකරන ලද්දේදැයි අවිනිශ්චිත වන අතර එය කි.පු. පළමුවන සියවසට පෙර සූරතිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බව අනුමාණ කෙරේ. ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මේ ස්ථූපය විශේශිතකොට සලකා ඇති අතර ඒ සඳහා ගිරිහන්ඩ පුජාව නමින් විශේෂ පූජා පැවැත්වූ බව සඳහන්වේ. මේ දාගැබේ සිව් දිසාවට වූ වාහල්කඩ හතරෙන් දෙකක් හොඳින් ආරක්ෂා වී ඇත. මිහින්තලේ අනෙක් කුඩා ස්තුපවල වාහල්කඩක් ඉදිකොට තිබු බවක් නොපෙනේ.
Era : අනුරාධපුරය,
Built : සූරතිස්ස රජතුමා,
Added : ලංජතිස්ස රජතුමා,
ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත.