
මහාවංස ප්‍රදීපිකාවේ "මගේ කතාව"
පොඩි කාලේ අධ්‍යාපන චාරිකා ගිය හැම වෙලාවකම මම වැඩිපුරම රැඳෙන්න කැමැති වුණේ පරණ රජවරු කරපු දේවල් ළඟ. මම ගොඩක් වෙලාවට ඒ ආසන්නයේ වාඩි වෙලා ඒ දිහා බලන් ඉන්නවා. මම මගේම සිහින ලෝකෙකට යනවා. මේක නිර්මාණය කළ දවස්වල කොහොම තියෙන්න ඇද්ද ? මහරජතුමා මෙතන ඇවිත් ඉන්න ඇති නේද ? මහරජතුමා මේ භූමියේ කොතන සිට මේ දිහා බලන්න ඇද්ද ? එතුමාගේ රූපය කොහොම තියෙන්න ඇද්ද ? එතුමාගේ ඇඳුම් කොහොම තියෙන්න ඇද්ද ? ආදී නොයෙකුත් දේවල් ගැන හීන මැව්වා. මගේ හිතින් මම ඒ දර්ශන මවා ගෙන රස වින්දා. අනේ මට ගිහින් බලන්න තිබ්බා නම් කියලා සිතුණු වාර අනන්ත යි. බොහෝ අවස්ථාවලදී ඇස් දෙක පියාගෙන අනේ මට මහරජෙකුගේ මුහුණේ ඡායාවක් හරි පෙනීයන් කියලා ප්‍රාර්ථනා කරනවා. තවමත් මම ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම කරනවා. අදටත් ඒ ස්ථානවලදි ඒ හැඟීම එහෙමම දැනෙනවා.කාගේ කවුද
“කාගේ කවුද?” කියන ප්‍රශ්නයට පළමුවෙන්ම මම පිළිතුරු හොයන්න පටන් ගත්තේ මගේ වෙබ් අඩවියෙන්. වෙබ් අඩවියට දත්ත ඇතුළත් කළ විට එම සබඳකම් එකින් එක සම්බන්ධ වන ලෙස මම වෙබ් අඩවිය නිර්මාණය කළා. එමගින් රජවරුන්ගේ අනෙකුත් සබඳකම් විශාල වශයෙන් එකිනෙකට සම්බන්ධ වෙන්න පටන් ගත්තා. එම සබඳකම් විධිමත් අයුරින් ලබාදෙන්න තවත් තාක්ෂණික ක්‍රම අත්හදා බලන්න තීරණය කළේ මෙම වෙබ් අඩවිය මගින් ලැබුණු සාර්ථකත්වය මත යි.පළමු සබඳකම් සටහන
පසුව මෙම එකතු කර ගත් දත්ත විධිමත් ක්‍රමයකට ලබාදීමට මට අවශ්‍ය වුණා. ඒ අනුව ලෝකයේ සම්මත ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කළා. නමුත් ඒවා භාවිතයෙහි දී බොහෝ ගැටළු පැන නැගුණා. ඊට හේතුව අපේ රාජ පරම්පරාවන්ගේ පරම්පරා සටහන් සංකීර්ණ වීමයි. ඒ අනුව එයට ගැළපෙන ආකාරයේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි දැක්වෙන ආකාරයට රජවරුන්ගේ පරම්පරා සටහන් පරිඝණක මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කළා.
දරුවන්ගේ මනස
මට මතකයි කුඩා කාලයේදී අපේ පොත්පත් වල තිබූ රජවරුන්ගේ රූප. එම රජවරුන්ගේ රූප දුටුවිට කිසිම දවසක මට අභිමානයක් සිතට දැනුණේ නැහැ. මම පෙර කී පරිදි ඇස් දෙක පියාගත් විට ඒ ප්‍රතාපවත් රූප හොයන්නේ, පොත පතේ රජවරුන්ගේ රූප සහ මගේ හිතේ ඇඳි රජවරුන්ගේ රූප අහසට පොළොව මෙන් වෙනස් වූ නිසයි. මගේ හිතේ ඇඳි රජවරුන්ගේ තේජවන්ත රූප මම කිසිදාක පොත පතක දැක නැත. මට අවශ්‍ය වුණා දරුවන්ට මේ ප්‍රතාපවත් හැඟීම ලබාදෙන්න. මගේ ඊළඟ උත්සාහය වූයේ මෙම ග්‍රන්ථය මගින් එම හැඟීම දරුවන්ට ලබාදීමයි.
සිතේ ඇඳි රජවරුන් කඩදාසියට
වචන දහසකින් කියන්න බැරි දේ එක චිත්‍රයකින් කිරීමට හැකි බවට අදහසක් වචන දහසකින් කියන්න බැරි දේ එක චිත්‍රයකින් කිරීමට හැකි බවට අදහසක් තියෙනවා. යම් කෙනෙකුගේ රුව දකින හැම අවස්ථාවකම ඒ රූපය සම්බන්ධ කරුණු විශාල ප්‍රමාණයක් අපට සිහි වෙනවා. අප මහා ලොවුතුරු බුදු පියාණන් වහන්සේගේ රූපයක් දකින මොහොතක් ගානේ උන් වහන්සේගේ කරුණා ගුණය අපට දැනෙනවා. රූපයකට හැකියාවක් තියෙනවා අපේ මතකය අවදි කරන්න.AVATAR සහ James Cameron