ලෝවාමහාපාය විහාරය කරවීම
දායකත්වය : දුටුගැමුණු රජතුමා - (BC 161 - BC 137)

යුගය : අනුරාධපුරය

ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ගල් කනු 1600ක් මෙම ස්ථානයේ ඇති අතර එහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.

 

වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [ආගමික / විහාර]

වෙනත් ක්‍රියාකාරකම්

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS