සුභ රජතුමා
60 - 66
ඝාතනයෙන් පසු
වසභ රජතුමා
66 - 110
ඇවෑමෙන්
වංකනාසික තිස්ස රජතුමා
110 - 113
 
වසභ රජතුමා

ලම්බකර්ණ වංශය I | අනුරාධපුරය - (66 - 110)

මූලාශ්‍රයරාජ්‍ය නාමයරාජ්‍ය කාලය
මහාවංසයවසභ44-0-0
පූජාවලියවහප්44-0-0
වසභ රජ යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයෙහි රජ කෙනෙකි. වී ගොවිතැනට උපකාර වනු වස් මහා පරිමාණයේ ජලාපවහන කර්මාන්ත ගොඩනැගීමෙහි පුරෝගාමියෙකු ලෙසින් එතුමා සැලකෙයි. එතුමාගේ පාලන සමයෙහිදී වැව් 11 ක් සහ ඇළ 12 ක් තනන ලදි. එකල පැවති ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, එතුමා බොහෝ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමද සිදු කලේය. එවකට අනුරාධපුර පාලකයාව සිටි සුභරාජ රජ මරා සිහසුන පැහැර ගත් වසභ රජ, ශ්‍රී ලාංකික රජවරුන්ගේ ඉතිහාසයෙහි නව රාජ වංශයක් ඇරඹීය.
 
ලම්භකර්ණ නම් ගෝත්‍රයකට අයත් පවුලකට උපන් වසභ, ඔහුගේ ලමා විය රටෙහි උතුරු පළාතේ ගත කලේ, රජුගේ හමුදාවෙහි සේනාධිපතියෙකු වූ ඔහුගේ මාමාට සේවය කරමිනි. . එකල රටෙහි පාලකයා වූයේ සුභරාජ රජ වූ අතර, ශාස්ත්‍රකාරයන් විසින් ඔහු හට පවසා තිබුනේ, වසභ නමැත්තෙක් විසින් ඔහු පරාජය කොට රජ වන බවයි. මෙය වැලැක්වීමට, සුභරාජ රජ නියෝග කලේ, එම නම දරන සියළු රට වැසියන් මරා දමන ලෙසටයි. වසභගේ මාමා විසින් ඔහු රජු වෙත ගෙන යෑමට තැත්කලේ රජුගේ සේවයට ඔහු බඳවා ගැනුමට යන මුවාවෙනි. කෙසේවෙතත්, රජුගේ අදහස පිළිබඳ ඔහු දැනුවත් කල මාමාගේ බිරිය වූ පොත්තා විසින් සිදු වෙන්නට ගිය ජීවිත හානියෙන් ඔහු මුදවා ගත්තාය. සැඟව පලා ගිය ඔහු, රහසේ හමුදාවක් රැස් කර ගති. 
 
අත්‍යන්තයෙහිදී හමුදාවක් රැස් කර ගත් පසු, රජුට විරුද්ධ කැරැල්ලකට වසභ නායකත්වය සපයමින්, ඉන්පසු ක්‍රිව 67 දී සුභරාජ රජු සහ ඔහුගේ මාමා මරා සිහසුන ඩැහැ ගති. ක්‍රිව 111 දී ඔහුගේ මරණය වන තුරුම හේ වසර 44 ක් රාජ්‍යය පාලන කලේය. ඔහුගේ සිංහාසනාරූඪ වීම හා සමගම, ඔහුගේ ගෝත්‍ර නාමය අනුව යමින්, පළමු ලම්භකර්ණ රාජ වංශය නමැති පාලන රාජ වංශයක ආරම්භය ඇති විය.
 
ක්‍රියා
  • සුහ රජු මරා රජකමට පත්විය.
  • වසර තුනකට වරක් සියළුම සඟුනට සිවුරු පිදීය.
  • ප්‍රදේශ 64ක දාන දෙන ලදී.
  • සෑගිරිය, ථූපාරාමය, මහා සෑය සහ ශ්‍රී මහා බෝධියේ දහසක් පහන් පූජා පැවැත්විය.
  • සිතුල් පව්ව විහාරයේ දාගැබ් 10ක් ඉදි කරවීය.
  • මහාවල්ලි ගොනු විහාරය ඉදි කරවීය.
  • මාගම අනුරාධරාම විහාරය ඉදි කරවීය.
  • මූවෙල විහාරය ඉදි කරවීය.
  • කුදුගල විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
  • ඉසුරුමුණි විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
  • ථූපාරාම විහාරයේ දා ගෙය ඉදි කරවීය.
  • මහාසෑයේ පිරිවෙන් කිහිපයක් ඉදි කරවීය.
  • වල්ලිසේර විහාරය ඉදි කරවීය.
  • මහා විහාරයේ සතරැස් ශාලාව ඉදි කරවීය.
  • මහා විහාරයේ බෝ මළුවේ පිළිම ගෙයක් ඉදි කරවීය.
  • අනුරාධපුර සතර දොරටුවෙහි දිළින්දන්ට "දිළිඳු වැටුප්" දෙන ලදී.
  • අනුරාධපුර සතර දොරටුවෙහි ගිලන් සංඝයාට "ගිලන් වැටුප් " දෙන ලදී.
  • මාසෙත් වැව කරවීය.
  • අග්නිවඩ්ඩමානවාපි වැව (හබරණ වැව) කරවීය.
  • මහානික්කවට්ටි වැව (මානන්කුටිය වැව) කරවීය.
  • කොහාලවාපි වැව (මන්නාරම අසල කොනහාල වැව) කරවීය.
  • කාලිවාපි වැව (කාලියවදන වැව) කරවීය.
  • මහාවාපි වැව (නොච්චියාගම වැව) කරවීය.
  • වයන්තිවාපි වැව (මහාවිලච්චිය වැව) කරවීය.
  • කොලම්බ ගාමක වැව කරවීය.
  • අම්බිටි වැව කරවීය.
  • මාගම වැව 1 කරවීය.
  • මාගම වැව 2 කරවීය.
  • අලීසාර ඇල (ඇලහැර ඇල) කරවීය.
  • තව ඇලවල් 11 කරවීය. තවම හඳුනාගෙන නැත
  • උමන්ජලවාතිකා හෙවත් ජලනල පද්ධති ඇති කළේය.
  •  
    ඡායාරූප
    Thuparamaya Temple
    අනුරාධපුරය,

    Thuparamaya is an ancient Buddhist temple in Anuradhapura, Sri Lanka. Located in the sacred area of Mahamewna park, the Thuparamaya Stupa is the earliest Dagoba to be constructed in the island, dating back to the reign of King Devanampiya Tissa (247-207 BC). The temple has been formally recognised by the Government as an archaeological site in Sri...


    Built : දේවානම්පියතිස්ස රජතුමා,
    Some Construction : ලංජතිස්ස රජතුමා,
    Some Construction : වසභ රජතුමා,
    Some Construction : ගෝඨාභය රජතුමා,
    Some Construction : ධාතුසේන රජතුමා,
    Some Construction : II වන අග්ගබෝධි රජතුමා,
    Some Construction : දාඨෝපතිස්ස රජතුමා,
    Some Construction : 2 වන දාඨෝපතිස්ස රජතුමා,
    Some Construction : 2 වන කස්සප රජතුමා,
    Some Construction : මානවම්ම රජතුමා,
    Some Construction : 6 වන අග්ගබෝධි රජතුමා,
    Some Construction : 2 වන මහින්ද රජතුමා,
    Some Construction : 2 වන දප්පුල රජතුමා,
    Some Construction : 1 වන සේන රජතුමා,

    Sithulpavva Pariwara Dagaba
    අනුරාධපුරය,

    පරිවාර චෛත්‍ය ලෙස වසභ රජතුමා ඉදිකළ අනෙක් චෛත්‍ය දහයේ...


    Built : වසභ රජතුමා,

    Sithulpawwa Rajamaha Viharaya
    රුහුණ,

    Sithulpawwa Rajamaha Viharaya is an ancient Buddhist monastery located in Hambantota District, South Eastern Sri Lanka. Situated 18 km east of the pilgrimage town Katharagama, it is believed to have been built in the 2nd century B.C by king Kavantissa. Sithulpawwa Vihara can be reached by travelling 18 miles along the Tissamaharama-Yodhakandiya road towards the Yala National Park. The name Sithulpawwa is derived from the word "Chiththala Pabbatha", which means the hill of the...


    Built : කාවන්තිස්ස රජතුමා,
    Added : වසභ රජතුමා,
    Added : කනිට්ඨතිස්ස රජතුමා,

     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS