තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
64
II වන ජෙට්ඨතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 331 - ක්‍රිව 340
II වන ජෙට්ඨතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Jetta Tissa II රාජ්‍ය නාමය : II වන ජෙට්ඨතිස්ස රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 331 - ක්‍රිව 340

මහසෙන් රජුට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. ඉන් ජ්‍යෙෂ්ඨයා වූ සිරිමෙසවණ්ණ කුමරු රජකමට පත්වූ ආකාරය මුල් පරිච්ඡේදයකින් පැහැදිලි කර ඇත. ඔහුගෙන් පසු රජකමට පත්වූයේ කනිටු පුතණුවන් වූ ජෙට්ඨතිස්ස කුමාරයා ය. ඔහු ඒ නමින් සිටි දෙවැනි රජු හෙයින් දෙවන ජෙට්ඨතිස්ස ලෙස ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලැබේ. මේ රජු සිරිමෙඝවණ්ණ රජුගේ සහෝදරයාගේ පුතකු වශයෙන් මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සලකතත් එය සිංහල ලේඛනවල හා සෙල්ලිපිවල එන තොරතුරුවලට පටහැනි වෙයි. මේ රජුගේ නාමය සිංහල ග්‍රන්ථවල සටහන් වන්නේ දෙටතිස් වශයෙනි. මෙහි ජෙට්ඨ යනු ජ්‍යෙෂ්ඨයා යන අර්ථයෙන් නොව පසුකාලයක දී භාවිත වුණු සංඥා නාමයක් ලෙස යෙදී ඇත්තක් බව පෙනේ. සෙල්ලිපි අනුව මේ රජුට සිරිමේඝ (සිරිමෙක) යන්න ද ව්‍යවහාර කරන ලද බව පෙනේ.
 
ජෙට්ඨතිස්ස රජු දන්ත ශිල්පයෙහි දක්‍ෂයෙකැ යි මහාවංසය දක්වයි. එනම් ඇත්දත් ආදියෙන් කෙරෙන කැටයම් ශිල්පයෙහි නිපුණ වූවෙකි. දළකඩ, සඳුන්, කිහිරිලි, ගල් ආදියෙන් ඔහු රූප නෙළූ බව රාජාවලිය දක්වයි. ශිල්පායතනයක් ආරම්භ කර වැසියන් එම ශිල්පයෙහි නිපුණ කරවු බව ද කියැ වේ. රජවීමට පළමු පියාගේ නියමයෙන් ඍද්ධියෙන් නිර්මාණය කරන ලද්දක් වැනි බොධිසත්ව රූපයක් ඇත් දළින් කළ බව වර්ණනාත්මකව මහාවංසයේ විස්තර කර තිබේ.
 
"නොයෙක් පිංකම් කරමින් ඔහු නව වසක් රජකම් කර කම් වූ පරිද්දෙන් මිය පරලොව ගිය බවට” වඩා වෙනත් අතිරේක තොරතුරු මූලාශ්‍රයවලින් මේ රජු ගැන අපට දැන ගැනීමට නෙලැබෙයි. එහෙත් ඔහු මේ විනෝදජනක කැටයම් කාර්‍යයේ යෙදීමට තරම් නිදහසක් හා විවේකයක් ලැබුවේ රටේ පැවති සාමකාමි වාතාවරණයත්, ස්වයංපෝෂිත භාවයත් නිසා ම බවට සැක නැත. එය ඉදිරියට එන රජුගේ කාලය දක්වාත් පැවති බව පෙනේ.
 
ජෙට්ඨතිස්ස රජුගේ කාලයට අයත් සෙල්ලිපි තුනක් ලැබී ඇත. මේවා කෙටි ලිපි බැවින් ඒවායින් වැඩි ඓතිහාසික තොරතුරක් අනාවරණය නොවේ. මෙයින් කූරුණෑගල දිශාවට අයත් වෙලන්ගොල්ල ලිපියේ මකටනික නම් තැන වසන ලයසිව ගේ පුත්‍රයා වූ ලයමතය නම් අයගේ පූජාවක් ගැන විස්තර සඳහන් වෙයි. ලිපියේ දැක්වෙන අන්දමට එම පරිත්‍යාගය සිදු වී ඇත්තේ මහාසේන මහරජුගේ පුත්‍ර ජෙටතිස මහරජුගේ කාලයේ දී ය. එහෙත් රජු සේසත් නැගූ කීවෙනි රාජ්‍ය වර්ෂයේ දී ද යන්න දැක්වෙන කොටස ලිපියේ මැකී ඇත. රුහුණේ පිහිටි බෝවත්තේගල ඇති අනෙක් ලිපි දෙකකින් කියැවෙන්නේ ද පූජා පිළිබඳ තොරතුරු වේ. ඉන් මුල් ලිපියේ ඇමතියකුගේ දියණියක වූ තිස අඛ (තිස්ස අම්බිකා) නම් තැනැත්තක විසින් ආරියවංස දේශනය උදෙසා කරන ලද පූජාවක් ගැන දැක්වේ. දෙවන ලිපියේ රජු ගැන කියැවෙන තොරතුරු හැර වෙනත් කිසිවක් හඳුනා ගත නොහැකි ය. කෙසේ නමුත් මේ ලිපිවල සඳහන් වන්නේ රජුගේ කටයුතු නොව ඔහුගේ රාජ්‍ය කාලයේ අන් උදවිය විසින් කරන ලද කටයුතු පිළිබඳ තොරතුරු වේ. මේ රජුගේ රාජ්‍ය කාලය වර්ෂ නවයකි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්