තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
86
II වන මොග්ගල්ලාන රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 535 - ක්‍රිව 555
II වන මොග්ගල්ලාන රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Mugalan II රාජ්‍ය නාමය : II වන මොග්ගල්ලාන රජතුමා
රාජවංශය : දෙවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 535 - ක්‍රිව 555

මේ සටනින් ජයගත් මහ බලවත් මොග්ගල්ලාන කුමරු සිහසුනට පත්වූයේය. ඔහු තම මයිලණුවන්ද ඒ නමින් හැඳින් වූ බැවින් තමා චූල මොග්ගල්ලාන නමින් පෙනී සිටියේය. එහෙත් මේ රජු පූජාවලිය, නිකාය සග්‍රහය, රාජරත්නාකරය, රාජාවලිය ආදී ග්‍රන්ථවල දැක්වෙන්නේ දළ මුගලන් රජු වශයෙනි. මේ නමින් රජ වූ දෙවැන්නා නිසා මොහු දෙවන මුගලන් රජු යැයි හැඳින්වේ.
 
මහාවංසය මේ රජු ගැන කෙටියෙන් නමුත් උසස් වැණුමක් කරයි.අසාධාරණ කවියෙකු බවත්, තෙරුවන් පරායණ වූ බවත් සුරතාදී ගුණයට නිවාසයක් බවත්, දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාය, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කළ බවත් ඒ අතර දැක්වේ. මේ රජ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මහත් කැමැත්තක් දැක්වීය. අට්ඨකථා සහිත ත්‍රිපිටකය කියවීම ද ධර්මය ලියවීමද, දරුවනට සංග්‍රහ කර ධර්මට ඉගැන්වීම ද, දහම් කවි බැඳ දී ඇතුපිට මිනිසුන් නංවා රාත්‍රී නුවර සංචාරය කරවමින් කියැවීම ද, මවක දරුවන් කෙරෙහි මෙන් මේ රජු කටයුතු කළ බව ද, පෙන්වා දෙයි. සිය සොහොයුරාට මිනිසුන් නොපෙලා ද්වන්ධ සටනකට යෝජනා කිරීමෙන් වුව ද, මේ රජු ජනහිතකාමී කෙනෙකු බව පැහැදිලි වේ.
 
මේ රජු නොයෙක් අන්දමට සංග්‍රහ කරමින් කුඩා ළමයින්ට ධර්‍මය ඉගැන්වූ බව මහාවංසයෙහි දැක්වේ. යහපත් පාලනයක් ගෙනයාමට ළමා මනස හැදීමෙන් ඇතිවෙන අනුබලය රජු තේරුම් ගත්තා විය යුතුය. සමාජය යහපත් ගුණධර්‍ම වලින් බිඳවැටෙමින් තිබුණේ නම් අනාගත පරපුර ගොඩනැගීමේ වැදගත් කම පාලකයා තේරුම් ගැනීමද වැදගත්ය.
 
මුගලන් රජ රටේ කෘෂි ආර්ථික සංවර්ධනය ගැන ද කටයුතු කළේය. මල්වතු ඔයේ වේල්ලක් බැඳ පත්තපාසාණ වැව කරවිය. අනතුරුව ධනවාපිය වැව ද, ගිරිතර වැව ද කරවූයේය. මුලින් සඳහන් කරන ලද වැව් දෙක නාච්චදූව වැව හා පදවිය වැව හැටියට සාමාන්‍යයෙන් සැලකෙයි. ගිරිතර වැව යනු ගිරිතලේ වැව විය හැකිය. පසුව කරන ලද ප්‍රතිසංස්කරණයෙන් මේවා විශාල වැව් බවට පත් වී ඇත. පදිවාපි නමින් වර්තමානයෙහි හඳුන්වනු ලබන වැව ධනවාපි, දනා වැව, ආදී නම් වලින් ද හඳුන්වන ලද බව පෙනේ. මොරගොඩ ඔය හරස් කර කරවන ලද මේ වැවෙන් විශාල ප්‍රදේශයක ගොවිතැන් කළ බවට සැක නැත. සමහරු මේ වෙල් එළි කෝකිලායි කලපු ආශ්‍රිත ප්‍රදේශ දක්වා විහිදිනැයි සලකති. අක්කර ලක්‍ෂ ගණනින් අද වන භූමි බවට පත් වී ඇති මේ ප්‍රදේශය අතීතයෙහි කෘෂි ආර්ථිකයෙන් හා වෙළහෙලදාමින් මේ දිවයින සරු කළ බවට සැක නැත.
 
මුගලන් රජුගේ රාජ්‍ය කාලය සාමකාමී යුගයක් විය. එහෙත් රුහුණ ඔහුගේ ආධිපත්‍ය පිළිගත් බවක් නොපෙනේ. මතු විස්තර කෙරෙන මහානාග කුමරුගේ පාලනය එහි ස්වාධීනව පැවතියේය. මුගලන් රජු ද එහි බලය පිහිටුවන්නට නොගියේය. මහානාග කුමරු ද අනාගත අපේක්‍ෂා ඇතත් නිහඬව රෝහණය පාලනය කළේය. මේ අනුව රෝහණය හැර දිවයිනේ සෙසු පෙදෙස්වල මුගලන් රජුගේ බලය පිළිගැනී තිබිණි.
 
සමහර කෙනෙකු තෙවන මුගලන් රජුගේ යුගයට අයත් යැයි සලකනු ලබන නිලගම සෙල්ලිපිය මා සලකන අන්දමට මේ රජුගේ යුගයට අයත් විය යුතුය. මතු විස්තර වන මුගලන් රජු වර්ෂ හයක් පමණ රාජ්‍ය කළේය. නිලගම ලිපිය පිහිටුවා ඇත්තේ රජුගේ අටවන රාජ්‍ය වර්‍ෂයේ දී බැවින් ඉහත සඳහන් අදහස සාධාරණය.
කුරුණෑගල දිශාවේ, ගලේවෙලට සමීපව නිලගම පිහිටියේය. එහි වූ පෞරාණික නටබුන් භූමියේ මේ ලිපිය වෙයි. එහි සඳහන් වන්නේ තිස අරම නම් රජ මහා විහාරයට දායකයන් කීපදෙනෙකු විසින් වහරල සිඳීමක් කරනලද බවකි. බුදදස දළි මුගලන මහ රජුගේ අටවන රාජ්‍ය වර්ෂයේ දී දීමනා කර ඇත. දළි මුගලන යනු මේ රජුය.
මුලින් සඳහන් කරන ලද පරිදි මේ රජු සුළු මුගලන් නමින් මහාවංසය දක්වතත් සිංහල ග්‍රන්ථ වල දළ මුගලන් නමින් දැක්වේ. සුළු යනු දළ වූවා විය හැකිය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්