93
සීලාමේඝවණ්ණ රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 623 - ක්‍රිව 632

සීලාමේඝවණ්ණ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : සීලාමේඝවණ්ණ රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 623 - ක්‍රිව 632
මලය රජුගේ පුත්‍රයාවූ අසිග්ගාහක කුමාරයා සීගිරියේ දී මුගලන් රජු මරණයට පත්කරන ලද ආකාරය ඉහතින් වූ පරිච්ඡේදයකදී අපි දුටිමු. මෙයින් පසුව හෙතෙම අනුරාධපුරයට පැමිණ සිංහාසනයට පත් විය. ඔහු අභිෂේකයේදී ශිලාමේඝවර්ණ (සලමෙවන්) නාමය ලබාගත්තේය. මෙයින් පසු ඉදිරියට පත්වන රජවරුන් සලමෙවන් හා සිරිසඟබෝ යන නාම මාරුවෙන් මාරුවට ලබා ගත් බව පෙනේ. ඔහුගේ රාජ්‍ය කාලයද සාමකාමී යුගයක් නොවීය. පෙර රජුන් මෙන්ම මේ රජු ද ශාසනික කටයුතුවල නියැළුණේය. ඔහු කුඩා දරුවන්ට සංග්‍රහ කළේය. මේ කාලයේ දිගින් දිගටම ඇති වී ගිය දේශපාලන අවුල් වියවුල් හේතුවෙන් සඟ සසුන තුළ ද පරිහානියක් ඇති වී තිබූ බව පෙනේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ නාගරික ආරාමයන්හි වසන ඇතැම් භික්ෂූන්ගේ දුශ් ප්‍රතිපත්තිය බහුල වී යාමකි. බෝධි නම් භික්ෂු නමක් තමා බාල වුවද ශාසන ශෝධනයක් පිළිබඳව රජුට මගපෙන්වූ බව මහාවංසය කියයි. රජු ඒ සඳහා මැදිහත් විය. සසුනට වැදී සිටි අශාසනික පුද්ගලයෝ බෝධි භික්‍ෂූන් වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණය කර උන්වහන්සේ මැර වූහ. රජ ඒ අසා වරද කළවුන් අල්ලා දැඩි දඬුවම් කර සියක් දෙනෙකු රටින් පිටුවහල් කරවිය. මේ අර්බුදය සිදු වී ඇත්තේ විශේෂයෙන් අභයගිරිය හා ජේතවන නිකායයන් අතර විය යුතුය. බෝධි තෙරුන්ගේ අදහස සැලකිල්ලට ගත් සංඝතිස්ස රජ සංඝශෝධනයක් කර සෙසු භික්ෂූන් සමග පොහොය කරන ලෙස ථෙරිය නිකායික භික්ෂූන්ගෙන් ඉල්ලා සිටිය ද උන්වහන්සේලා එයට අකමැති වූහ. මේ නිසා රජු කිපී භික්‍ෂූන්ට පරිභව කළ බව කියවේ.
සිලාමෙඝවර්ණ රජුගේ කාලයේ දේශපාලන අර්බුදයක්ද ඇති විය. මලය රටට පලාගොස් සිටි දෙටුතිස් කුමරුගේ මයිලණු කෙනෙකු වූ සිරිනාග නම් තැනැත්තෙක් ඉන්දියාවට ගොස් විශාල දෙමළ සේනාවක් ගෙන පැමිණ රාජ්‍යය පැහැර ගැනීම සඳහා උතුරු ප්‍රදේශයේ කැරලි ඇති කළේය. මේ කාලය වන විට දකුණු ඉන්දියාවේ රාජ්‍ය තුනක යුද පොරයකට අඩිතාලම වැටීමට මුල පිරූ වාලුක්‍ය රාජ බලය වැඩෙමින් පැවතිණි. ද්‍රවිඩ රාජ්‍ය දුර්වල වී බිඳ වැටී පැවතිණි. සිරිනාගට දකුණු ඉන්දියාවේ රජෙකුගෙන් ආධාර ලැබුණු බවට සාධක නැත. සිරිනාග සේනාව සමග ගොඩ බැස්සේ උතුරට බව මහාවංසය කියයි. ඔහු එහි සමහර පෙදෙස් අත්පත් කර ගෙන ඉදිරියට එමින් සිටියේය. සලමෙවන් රජු වහා සේනාව ගෙන රාජමිත්ත නම් ගමේ කඳවුරු බැඳ ගත්තේය. එහිදී ඇති වූ සටනේදී සිරිනාග මරණයට පත්විය.ඔහු සමග පැමිණි දෙමළ සේනාවෙන් විශාල පිරිසක් ද නසා ඉතිරි වූවන් ටික දෙනා විහාරවල දාසයන් ලෙස යෙදවීය. මේ රජ දකුණ දේශයට කිසියම් කටයුත්තක් සඳහා ගියේ එහිදී ඔහු මළේය. මියයාමට පෙර සංඝයා සමාකර තොගත් බව වංස කතාව කියයි. ඔහුගේ රාජ්‍ය කාලය වර්‍ෂ නමයක් විය.
සලමෙවන් රජුගේ කාලයද රටේ සංවර්ධන ආදී විශේෂ කාර්‍ය්‍යයන්ගෙන් තොරව ගෙවී ගිය බව පෙනේ. මේ කාලයේ සිරිනාග විසින් අවුල් කරන ලද උතුරු ප්‍රදේශයෙහි බලය ඔහු තහවුරු කරගන්නා ලද නමුදු රෝහණයේ තත්ත්වය කෙසේ වී දැයි පැහැදිලි නොවේ.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි