තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
111
3 වන මහින්ද රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 801 - ක්‍රිව 804
3 වන මහින්ද රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Mahinda III රාජ්‍ය නාමය : 3 වන මහින්ද රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 801 - ක්‍රිව 804

පළමු වන උදය රජුගෙන් පසු රජකමට පත් වූයේ ඔහුගේ පුත්‍රයා වූ මහින්ද කුමාරයාය. හේ එනමින් පෙනී සිටි තුන්වැන්නා විය. ඔහුගේ අභිෂේක නාමය ශිලාමෙඝ යනු විය. ඉතා ධාර්මික පාලකයෙකු වූ බැවින් ධාර්මික ශිලාමෙඝ යන නමින් මේ රජු ප්‍රකට වූයේය. සියලු යහපත් වැඩ කළේය. යනුවෙන් මහාවංසය ඉතා කෙටියෙන් මහින්ද රජු ගැන සඳහන් කරයි. එහෙත් නම් වශයෙන් එන්නේ ඇළක් පූජා කිරීමක් ගැන පමණකි.
 
මේ රජවරුන්ගේ කටයුතු ගැන වංස කථාවල සඳහන් වන්නේ සුළු විස්තර පමණි. ආර්ථික සංවර්ධනාදී තොරතුරු වාර්තා නොකළ තරමි. එහෙත් ඒවා නොසිදු වීයැයි කිය නොහේ. පෙරැ දුරන් විසින් තබන ලද වාර්තා මහාවංසයේ මේ කොටස් ලියන කාලයේ අභාවයට ගොස් තිබුණා විය යුතුය. මේ රජු ගැන සඳහන් කරන විට පෙර රජවරුන් කරන ලද සියලු යහපත් දේ කළේ යැයි දක්වන ලද සටහන හිස් වාර්තාවක් සේ පෙනී යන්නේ රජවරුන් කළ දේ ගැන මහාවංසකරුට දැනීමක් නොවූ නිසා විය යුතුය.
 
පූජාවලිය, රාජාවලිය දෙක්හි මිහිඳු රජුට අමුතු නමක් පටබැඳී ඇත. හැලිගැරවිල් ඉස්කෑසෝ මිහිඳු යනුවෙන් එහි සඳහන් වේ. මෙහි අර්ථය පැහැදිලි නැත. රාජරත්නාකරය, නිකාය සංග්‍රහය, සෝ මිහිඳු යනුවෙන් නම් කරයි.
 
තෙවන මහින්ද රජුගේ යුගයට අයත් එක් සෙල්ලිපියක් හමු වී තිබේ. මෙය ජලය පිළිබඳව ආරවුලක් විසඳීම සඳහා පිහිටුවන ලද්දකි. වර්තමාන මුලතිව් දිශාවේ කුරුන්දන්කුලම් නමින් හැඳින්වෙන ස්ථානයේ තිබූ මේ ලිපිය දැන් විනාශයට පත් කර ඇත. වැවේ ජලය පිළිබඳව වූ ආරවුල විසඳීම පිණිස රජුත්, බිසොවත්, දියණියත් එහි පැමිණි බව කියැවේ. ලිපියෙන් දැක්වෙන කුරුන්ගම වර්තමාන කුරුන්දම් කුලම් නම් පෙදෙස බව පැහැදිලිය. මෙහි දැනට ඇති තන්නි මුරිප්පු වැව ලිපියේ දැක්වෙන වැව විය යුතුය. සෙල්ලිපියෙහි එය මහිඳවැව (මහින්ද වැව) යනුවෙන් නම් කර තිබේ. මහින්ද රජු වසර හතරක් රජ කළේය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්