තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
166
5 වන පරාක්‍රමබාහු රජතුමා
ගම්පොල රාජධානිය
ක්‍රිව 1344 - ක්‍රිව 1359
5 වන පරාක්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parakramabahu V රාජ්‍ය නාමය : 5 වන පරාක්‍රමබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : ගම්පොල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1344 - ක්‍රිව 1359

තම සහෝදරයා වන හතරවන බුවනෙකබාහු මහරජු ගම්පොළ රජවීමෙන් පසු ව සවුළු විජයබාහු හෙවත් පස්වන විජයබාහු මහරජුගේ බාල පුතු පරාක්‍රමබාහු නමින් දැදිගම රාජධානිය කොටගෙන පාලනය ගෙන ගියේ ය. මොහු පස්වන පරාක්‍රමබාහු මහරජු ලෙස හඳුනාගත හැකි ය. තම සහෝදරයා මියයන තෙක් ම මෙම රජු ඈපා ලෙස කටයුතු කර ඇති බව සෙල්ලිපි වලින්      අනාවරණය වෙයි. ආර්ය චක්‍රවර්තීන්ගේ සොළී හමුදාව පහරදුන් පසු මෙම රජු රුහුණට පලා ගියේ ය. ලාහුගල ආසන්නයේ හමුවූ සෙල්ලිපියකින් මෙම රජුගේ බිසව විහාර මහා දේවිය රුහුණ පාලනය කළ බව සඳහන් වේ. රජු පලායාමෙන් පසුව ගම්පොළ පාලනය තම සහෝදරියගේ පුත් වික්‍රමබාහු කුමාරයාට හිමිවිය. කෙසේවෙතත් මෙම රජුගේ පාලනය අවසන් වන්නේ හතරවන වික්‍රමබාහු රජ වී වසර දෙකකට පසුව ය. (ඇතැම් පොත්වල වසර 4ක් ලෙස සඳහන් වේ.)

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්