තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
161
2 වන බුවනෙකබාහු රජතුමා
කුරුණෑගල රාජධානිය
ක්‍රිව 1293 - ක්‍රිව 1302
2 වන බුවනෙකබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Buvanekabahu II රාජ්‍ය නාමය : 2 වන බුවනෙකබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : කුරුණෑගල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1293 - ක්‍රිව 1302

තුන්වන පරාක්‍රමබාහු මහරජ පරාජය කළ දෙවන බුවනෙකබාහු කුමාරයා ක්‍රිස්තු වර්ෂ 1293 දී යාපහුව අගනුවර කරගෙන රජ විය. මේ රජතුමා ශ්‍රී නිවාස බුවනෙකබාහු නමින් ද හැඳින්වේ. වසර හතක් යාපහුවේ සිටි මෙම රජතුමා ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1300 දී තම රාජධානිය ලෙස කුරුණෑගල තෝරා ගත්තේ ය. දෙවන බුවනෙකබාහු මහරජු ක්‍රිස්තු වර්ෂ 1302 වන තෙක් රාජ්‍ය බලයේ සිටියේ ය. දෙවන බුවනෙකබාහු මහරජතුමා භික්ෂූන් දහසකට පිසීම සඳහා දාන උපකරණ ලබා දුන් බවත් රජතුමා අවුරුද්දක් පාසා මෞලි මංගල්‍යක් පවත්වා පොසොන් මස උතුම් පූජා සහිතව උපසම්පදා මංගල්‍යක් පැවැත් වූ බව මහාවංසයේ සඳහන් වේ. දෙවන බුවනෙකබාහු මහරජතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූයේ ඔහු පුත් හතරවන පරාක්‍රමබාහු මහරජතුමා ය.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්