තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
174
2 වන ජයබාහු රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1468 - ක්‍රිව 1470
2 වන ජයබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Jayabahu II රාජ්‍ය නාමය : 2 වන ජයබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1468 - ක්‍රිව 1470

හයවන පරාක්‍රමබාහු මහරජුගේ අවසාන කාලය වනවිට රට තුළ දේශපාලන වශයෙන් අස්ථාවරත්වයට පත්වෙමින් පැවතිණ. සෙංකඩගල සේනාසම්මත වික්‍රමාබාහු නම් කුමාරයෙකුගේ ස්වයං පාලනයක් ඉස්මතු වෙමින් තිබිණ. හයවන පරාක්‍රමබාහු මහරජුගේ මර‚න් පසුව රජුගේ දිය‚ය වූ උලකුඩය දේවියගේ පුත්‍රයා ජයබාහු කෝට්ටේ රාජ්‍යත්වයට පත්කරන ලදී. 
 
හයවන පරාක්‍රමබාහු මහරජුට ඒ වනවිට පුතෙකු නොසිටි නිසාත් (පුතුන් දෙදෙනෙක් තරුණ අවධියේ ම මිය ගිය බව සඳහන් වේ¡ තෙවැනි පුත්‍රයා රට හැර ගිය බවට අනුමාන කරයි) මාතෘ මූලික රාජ්‍යත්වය හිමිවීම මූලික වූ නිසාත් කෙතරම් බලසම්පන්න වුව ද සපුමල් කුමරු හදාවඩාගත් දරුවෙකු නිසාත් ඔහු දමිළ පරම්පරාවකින් පැවත එන නිසාත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ද මැදිහත් වීමෙන් ජයබාහු කුමරු කෝට්ටේ රජවිය. එවකට කුමාරයාගේ වයස 16 වත් ඉක්ම නොවූ බව සඳහන් වේ. හංස සංදේශයේ 43 හා 48 යන කවි මෙන් ම කෞටෝ, හයවන පරාක්‍රමබාහු මහරජුට පුතෙකු සිට ඇති බව හැඟවෙන පරිදි රචනා කොට ඇත. බොහෝවිට ඔහු කුඩා කාලයේ දී ම මිය යන්නට ඇත. ඒ මක් නිසාද යත් ඉන් පසු ව කිසිදු මුලාශ්‍රයකින් ඒ පිළිබඳ ව තොරතුරු නො එයි. දෙවන ජයබාහු මහරජුගේ පාලනයේ දෙවන වර්ෂයේ උතුරේ පාලනය ගෙනගිය සපුමල් කුමරු සේනාව සමග පැමිණ මහරජු මරා හයවන බුුවනෙකබාහු නමින් රජ වූ බව රාජාවලියේ2- සඳහන් වුව ද කෞටෝ සඳහන් කරනුයේ ඊට වෙනස් කරුණකි. දෙවන ජයබාහු මහරජු ස්වභාවිකව මරණයට පත් වූ බවත් පසුව ඔහුගේ    සහෝදරිය මැ‚කා ජයබාහුගේ පුතු අභිෂේක කොට රට පාලනය කළ බවත් පසු ව ඇයට පාලනය කරගත නොහැකව උතුරේ සිටි සපුමල් කුමරු කැඳවා රජකම බාර දුන් බවත් ය.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්