තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
177
8 වන වීර පරාක්‍රමබාහු රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1484 - ක්‍රිව 1508
8 වන වීර පරාක්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Weera Parakramabahu VIII රාජ්‍ය නාමය : 8 වන වීර පරාක්‍රමබාහු රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1484 - ක්‍රිව 1508

හයවන බුවනෙකබාහු මහරජුගේ පුතා වූ පණ්ඩිත පරාක්‍රමබාහු මහරජු මරණයට පත්කොට හයවන බුවනෙකබාහු මහරජුගේ (සපුමල් කුමරු) සහෝදරයා වන අම්බුළුගල කුමරු රාජ්‍යත්වයට පත්විය. මොහු අටවන වීර පරාක්‍රමබාහු මහරජු ලෙස හඳුනාගත හැකිය. හයවන පරාක්‍රමබාහු මහරජු සමයෙහි රචනා වූවායැයි සැලකෙන —හංස සංදේශය˜ මෙම මහරජුගේ කාලයේ රචනා වූ සංදේශ කාව්‍යක් බවට බොහෝ විද්වත්හු මත පල කරති. මහරජුගේ අවසාන කාලයේ තම   පුත්‍රයන්ට ප්‍රදේශ බාර දී එහි පාලනය බාර දුන් බව සඳහන් වේ. මාතෘභූමියේ අඳුරු යුගයක් ආරම්භ කරමින් මුලින්ම පෘතුග්‍රීසීන් අප රටට ගොඩබසින ලද්දේ මෙම රජුගේ කාලයේ දී ය. 

පුත්‍රයන්ට බාරදුන් ප්‍රදේශ 
1. පරාක්‍රමබාහු කුමරු - කොළඹ ආශ්‍රිත ප්‍රදේශය 
2. විජයබාහු කුමරු - දෙවුන්දර ප්‍රදේශය ආශ්‍රිත දකුණු ප්‍රදේශය 
3. රාජසිංහ කුමරු - මැණික්කඩවර ආශ්‍රිත සතර කෝරළය 
4. සකලකලා වල්ලභ කුමරු - ගම්පහ ප්‍රදේශයේ උඩුගම්පොළ 
5. තනිය වල්ලභ කුමරු - හලාවත මාදම්පේ ප්‍රදේශය 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්