තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
73
කුඩා පාරින්ද රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 441 - ක්‍රිව 456
කුඩා පාරින්ද රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kuda Parinda රාජ්‍ය නාමය : කුඩා පාරින්ද රජතුමා
රාජවංශය : ද්‍රවිඩ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 441 - ක්‍රිව 456

පණ්ඩු මහරජතුමාගේ ඇවෑමෙන් ඔහුගේ වැඩිමහල් පුත් පාරින්ද මහරජුගේ අභාවයෙන් පසු ව පණ්ඩු මහරජුගේ දෙටු පුත් කුඩා පාරින්ද කුමරු රාජ්‍යත්වයට පත්විය. ආක්‍රම‚ක දමිළ රජවරු හයදෙනාගෙන් වැඩිම කලක් රජකළ රජු මෙතුමා වේ. පියා සහ වැඩිමහල් සහෝදරයා මෙන්ම රාජ්‍යත්වයට උරුමකම් කී සැමදෙනා ම සොයා මරා දමන ලදී. ධාතුසේන කුමරුගේ පිබිදීම සිදුවන්නේද මේ රජුගේ කාලයේ ය. ධාතුසේන කුමරුට සහය දක්වන සියල්ලුම ජනතාවට හිරිහැර කිරීමට මෙතුමා දෙවරක් නොසිතුවේ ය. මේ රජතුමා බුදු දහම වැළඳගත් බව ඉතිහාසයේ සඳහන්ය. ජනතාවට සමීප වීම සඳහා ඔහු එසේ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ඔහුගේ බිසව අභයගිරි විහාරයට කෙත්වතු පූජා කළ බව ද ඉතිහාස මුලාශ්‍ර වලින් හෙළි වේ. ධාතුසේන කුමරුගේ රාජ්‍ය ලබාගැනීමේ ප්‍රයත්නය ද ඔහු ව්‍යර්ථ කළේ ය.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව 

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්