තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
163
3 වන බුවනෙකබාහු රජතුමා (වන්නි භුවනෙකබාහු)
කුරුණෑගල රාජධානිය
ක්‍රිව 1326 - ක්‍රිව 1335
3 වන බුවනෙකබාහු රජතුමා (වන්නි භුවනෙකබාහු)ගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Buvanekabahu III (Vanni Buwanekabahu) රාජ්‍ය නාමය : 3 වන බුවනෙකබාහු රජතුමා (වන්නි භුවනෙකබාහු)
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : කුරුණෑගල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1326 - ක්‍රිව 1335

හතරවන පරාක්‍රමබාහු මහරජුගෙන් පසු ව රජ වූ තුන්වන බුවනෙකබාහු මහරජු සිහසුනට පත්වුණේ කෙසේද ඔහු කාගේ කවුද යන්න පිළිබඳ ව බොහෝ ඉතිහාස විද්වතුන් විවිධ මත පල කර ඇත. මෙයට හේතුව නම් මහාවංසයේ පූජාවලියේ සහ රාජාවලියේ මෙම රජු පිළිබඳ ව සඳහන් නොවීමත් මහාවංසයේ 88 වන පරිච්ඡේදයේ 105 ගාථාවේ පමණක් මෙම රජුගේ නම සඳහන් වීමත් ය. එම කෙටි ගාථාව තුළ දී ඉන්පසු ව රජ වූ පස්වන විජයබාහු මහරජතුමාගේ නම ද සඳහන් කොට ඇත. එම ගාථාවෙන් හතරවන පරාක්‍රමබාහු මහරජුගේ ඇවෑමෙන් වන්නි බුවනෙකබාහු නමින් රජෙක් වූ බවත් ඒ රජුගේ ඇවෑමෙන් ජයබාහු කුමරු රජ වූ බව සඳහන් වේ. ඉතාමත් මෑත යුගයේ ලියවුණු කුඩා පොත් කිහිපයක හැරුණු කොට හතරවන පරාක්‍රමබාහු මහරජුගේ හා පස්වන විජයබාහු මහරජුගේ අතර සබඳකම් පිළිබඳ තොරතුරු ප්‍රධාන වූ මුලාශ්‍ර වල සඳහන් ව නැත. 
 
ඉහත සඳහන් කළ පරිදි ඉතාමත් මෑත කාලයේ ලියවුණු සමහර පොත්වල පස්වන විජයබාහු මහරජු හෙවත් සවුළු විජයබාහු මහරජු හතරවන පරාක්‍රමබාහු මහරජුගේ පුත්‍රයෙකු ලෙස සඳහන් කොට ඇත. ඒ වගේ ම තුන්වන බුවනෙකබාහු මහරජු හෙවත් වන්නි බුවනෙකබාහු මහරජුද හතරවන පරාක්‍රමබාහු මහරජුගේ පුත්‍රයෙකු ලෙසද හඳුන්වා දී ඇත. එසේ නමුත් මෙම රජුගේ පරම්පරාව පිළිබඳ ව ස්ථීර වූ තොරතුරු මෙතෙක් සොයාගෙන නැත. සබඳකම් සටහන සකසා ඇත්තේ එA අනුවය

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්