තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
185
නිකපිටියේ බණ්ඩාර රජතුමා
සීතාවක රාජධානිය
ක්‍රිව 1593 - ක්‍රිව 1593
නිකපිටියේ බණ්ඩාර රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Nikapitiye Bandara රාජ්‍ය නාමය : නිකපිටියේ බණ්ඩාර රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : සීතාවක රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1593 - ක්‍රිව 1593

අලකේශ්වර යුද්ධය හා කේරෝස් කරන විස්තරය අනුව පළමුවන රාජසිංහ මහරජුගේ මර‚න් පසු ව ඔහුගේ වැඩිමල් සහෝදරිය වූ බිසෝ බණ්ඩාර දේවිය ඇයගේ මුණුපුරා වූ නිකපිටියේ බණ්ඩාර රජ කළ බව සඳහන් වෙයි. පළමුවන රාජසිංහ මහරජුගේ සේනාධිපති මාන්නම්පෙරුම මොහොට්ටාල, තමන් ජයවීර බණ්ඩාර ලෙස රජ වූ බව ප්‍රකාශයට පත් කළේ ය. 
 
මොහු විදේශීය සම්භවයක් ඇති හෙයින් බොහෝ පිරිස් නිකපිටියේ බණ්ඩාර මහරජු වෙත එකතු විය. නමුත් පෘතුග්‍රීසීන්ගේ සහය ඇතිව නැවත පැමි‚ ජයවීර බණ්ඩාර, නිකපිටියේ බණ්ඩාර හා ඔහුගේ මිත්තනිය අල්ලා ගත්තේ ය. පසු ව ඔවුන් කතෝලික ආගමට හැරවීම පි‚ස  පූජකවරුන්ට බාරදෙන ලදී. අනතුරුව නිකපිටියේ බණ්ඩාර, දොන් පිලිප් යන නමින් බෞතීස්ම කළේ ය. පසු ව නිකපිටියේ බණ්ඩාර කලක් ගෝවේ ජීවත් වූ අතර ඉන් අනතුරුව ඔහු පෘතුගාලයට ගෙනයනු ලැබීය. එහි කොයිම්බ්‍රා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුර ක්‍රි.ව. 1608 දී ඔහු මිය ගියේ ය. ඇතැම් මුලාශ්‍රවල නිකපිටියේ බණ්ඩාර, රාජසූරිය ලෙස හඳුන්වා දී ඇත. එනම් පළමුවන රාජසිංහ මහරජුට පසු ව රජුගේ දිය‚යගේ පුත්‍රයා වූ රාජසූරිය රජ වූ බවත් ඉන් අනතුරුව පළමුවන විමලධර්මසූරිය රජ වූ බවත් සඳහන් වේ. 
 
නිකපිටියේ බණ්ඩාර ලෙස පෙනීසිටි නිකපිටිය ගමේ සිට පැමි‚ බණ්ඩාර
නිකපිටියේ බණ්ඩාර කුමරු පෘතුගාලයට පිටත් කර සති කිහිපයක් තුළ රජරට දිසාවෙන් නිකපිටිය බණ්ඩාර තමා බව පවසමින් පුද්ගලයෙකු පැමි‚ අතර ඔහු රාජකීයෙකු නොවූ අතරම කටුපොත රාජ්‍යයේ මුළුතැන් අරක්හැමියෙකු ලෙසින් කටයුතු කළ අයෙකි. පෘතුගාලයට ගිය නිකපිටියේ බණ්ඩාර යළි පැමිණ ඇති ලෙස වැරදි වැටහීමක් ඇතිකරගත් ජනතාව බොහෝ පිරිසක් ඔහුවටා ඒක රාශී විය. පළමුවන විමලධර්මසූරිය මහරජුගේ සහෝදර සෙනරත් මහරජු යටතේ සටන් ගණනාවකටම මුහුණ දී ජය ලබා ගත්තේ ය. අවසානයේ පානදුරේ පෘතුග්‍රීසි බලකොටුවට පහර දීමට ගොස් සිටි අතරේ තමන්ගේම පිරිස් දුන් පාවාදීමකින් නිකපිටියේ බණ්ඩාර මරණයට පත්විය.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්