182
මායාදුන්නේ රජතුමා
සීතාවක රාජධානිය
ක්‍රිව 1551 - ක්‍රිව 1581

මායාදුන්නේ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : මායාදුන්නේ රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : සීතාවක රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1551 - ක්‍රිව 1581
මායාදුන්නේ උපත ලද්දේ ක්‍රි.ව.1501 දී කෝට්ටේ රාජධානියේ පිහිටි කෝට්ටේ නගරයේ දී ය. තමනට හිමිවිය යුතු රජකම පියාගේ දෙවන බිසවගේ කුමරුට ලබාදීමට උත්සාහ කළ බැවින් තම පියා වූ හයවන විජයබාහු මහරජු මරවා පුතුන් තිදෙනා රාජ්‍ය පැහැර ගත්හ. ඒ අනුව කෝට්ටේ රාජධානිය කොටස් තුනකට වෙන් වී ගිය බව අප දනිමු. කෝට්ටේ රජ කළ හත්වන බුවනෙකබාහු මහරජු තම වැඩිමහල් සහෝදරයාගෙන් පසුව රජකම ඔහුගේ මුණුපුරාට ලබාදීමට උත්සාහ කළ නිසා නැවතත් ඒ වෙනුවෙන් සටන් කිරීමට මායාදුන්නේ රජුට සිදුවිය. හත්වන බුවනෙකබාහු මහරජුගේ මර‚න් පසුව දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ අභිෂේක කරවීය. මේ ගැන දැනගත් මායාදුන්නේ මහරජු තම අයිතිය ගැනීම සඳහා සේනාවක් ද රැගෙන කෝට්ටේ අල්ලා ගැනීමට පැමි‚ය ද එය ව්‍යර්ථ කිරීමට කෝට්ටේ හමුදාවේ නායකත්වය දැරූ ධර්මපාල මහරජුගේ පියා වූ වීදියේ බණ්ඩාර මායාදුන්නේ මහරජු පලවා හැරියේ ය.
කෝට්ටේ පාලනය පෘතුග්‍රීසි සේනාධිපති කෙනෙකු වන විසුරේගේ උදව් ඇතිව සීතාවක ආක්‍රමණය කළේය. සීතාවක රාජධානියට විශාල විනාශයක් කිරීමට විසුරේට හැකිවිය. ඒ වෙනුවෙන් ඔහුට විශාල ලෙස මුදල් ගෙවීමට ද කෝට්ටේ පාලනයට සිදුවිය. තව විශාල වශයෙන් වස්තුවද කොල්ලකා ඔවුන්ගේ රටට ගෙන ගියහ.
දිගින් දිගටම බෞද්ධයන්ට සිදුවන අසාධාරණකම් මත ජනතාව මායාදුන්නේ මහරජු සමග එකතු විය. විශාල වශයෙන් ජනතා බලයක් ලැබුණු මායාදුන්නේ මහරජු තම වීර පුතණුවන් වූ ටිකිරි බණ්ඩාර කුමරු සමග දිගින් දිගටම සටන් කොට අවසානයේ කෝට්ටේ රාජධානිය තමන් සතු කරගත්තේ ය. ක්‍රි.ව. 1562 වර්ෂයේ දී තම පුතු ටිකිරි බණ්ඩාර හෙවත් රාජසිංහ කුමරුගේ නායකත්වයෙන් කළ මුල්ලේරියාවේ සටනේ දී පෘතුග්‍රීසීන්ට ඇති වුණේ දරුණු පරාජයකි. තම ජිවිත කාලය පුරාම තම උරුමය වෙනුවෙන් සටන්කළ මායාදුන්නේ මහරජු ක්‍රි.ව. 1581 දී මරණයට පත්විය. පෘතුග්‍රීසි ලේඛකයන් මෙම මහරජු ගැන ලියා තැබුවේ ඔහු දිගු කලක් ජීවත් වුයේ පෘතුග්‍රීසින් ගෙන් පළිගන්නට බවය. තම පුතු වූ රාජසිංහ කුමරු අතින් මායාදුන්නේ රජු මරණයට පත්කළ බව මහාවංසය සඳහන් කළ ද එය නූතන ඉතිහාස විද්වතුන් විසින් ඒ අදහස බැහැර කරයි.
ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව