ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන ශ්‍රේෂ්ඨ යුගය හයවන පරාක්‍රමබාහු මහරජතුමා කෝට්ටේ රජවීමත් සමග ම ඇරඹි‚. ක්‍රි.ව. 1415 කෝට්ටේ රාජධානියට පැමිŒමට ප්‍රථම මෙතුමා රයිගම වසර තුනක් පාලනය කළ බව සඳහන්. හයවන පරාක්‍රමබාහු මහරජුට තිබුණු විශාල අභියෝගය නම් වසර ගණනාවක සිට ස්වාධීන පාලනයකට නතුවී තිබූ උතුරයි. එහි ආර්ය චක්‍රවර්තීන් බලය තහවුරු කරගෙන සිටියේ ය. වන්නි පාලකයන් තමන්ට යටත් කරගත් හයවන පරාක්‍රමබාහු මහරජු උතුර බේරා ගැනීමට තම හදාගත් පුතු රණ ශ+ර සපුමල් කුමරු සේනාවක් සමග උතුරට යැවීය. එම සටන් වලින් ජයගත් කුමරු එවකට යාපනයේ රජ කළ කානකසූරිය සිංගෙයි ආරියන් මරණයට පත් කළ බව රාජාවලිය සඳහන් කරන නමුත් තවත් මූලාශ්‍රවල ඔහු ඉන්දියාවට පැනගිය බව සඳහන් කරයි. ඉතිහාසයේ වෙන කිසිදු රාජ්‍යපාලනයක නොතිබූ තරම් සාහිත්‍යමය දියුණුවක් මෙම රජුගේ කාලයේ තිබිණ. එය මෙම මහරජුගේ කාලයේ රචනා වූ සංදේශයන් අතුරින් නිගමනය කළ හැකිය. මෙසේ මුළු රටම එක්සේසත් කල අවසාන මහරජු ලෙස හයවන පරාක්‍රමබාහු මහරජුට ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ස්ථානයක් හිමිවෙයි.
කතෘ සටහන
හයවන පරාක්‍රමබාහු මහරජුගේ අනුග්‍රහය යටතේ මෙරටට පැමි‚ ඛෙංගාල බ්‍රාහ්මණයෙකු වූ රාමචන්ද්‍ර භාරතී විසින් රචිත සංස්කෘත ඡන්ද්‍යශස්ත්‍රය පිළිබඳ ග්‍රන්ථයක රජුගේ මව කාලිංග රටේ රජ පෙළපතට අයත් සුනේත්‍රා දේවි ලෙස හඳුන්වාදී ඇති අතර පියා ධර්මාශෝක පරපුරට අයත් —ජයමාල මහීපති˜ යයි සඳහන් වේ.- —පැරකුම්බා සිරිත˜ රජුගේ පරපුර හඳුන්වන්නේ මෙසේය.
සසිරි මානාවුළු පුරෙහි ඉඳු පරපුරින් ආ පිවිතුරු
සවුළු විජබා නිරිඳු පුත් පැරකුම් රජුන් හට මුණුබුරු
ලැමැ‚ ජයමහලෑන හිමි සුරතුර වෙළ රන් ලිය යුරු
සුනෙත් මහ දෙවි බිසෝ හිමිලත් රජ රුවක් සොඳ බුදුකුරු
මෙහිදී හයවන පරාක්‍රමබාහු මහරජු, සවුළු විජයබාහු රජුගේ පැරකුම් පුත්‍රයාට මුණුපුරෙකු ලෙස සඳහන් කර ඇති අතර ඉහත සඳහන් කළ මව සහ පියාගේ නාමයන් ද මෙහි සඳහන් ව ඇත. මෙහි සඳහන් සවුළු විජයබාහු යනු කුරුණෑගල රාජධානියේ රජ කළ පස්වන විජයබාහු මහරජු බවත් ඔහුගේ පුත්‍රයා දැදිගම රජ කළ පස්වන පරාක්‍රමබාහු මහරජු ලෙසත් හඳුනාගත හැකි ය. තව ද කාව්‍යශේකරයේ හයවන පරාක්‍රමබාහු මහරජු, ජයමහලෑන නම් පුද්ගලයෙකුගේ මුණුපුරෙකු ලෙස දක්වා ඇත. මේ අනුව ගත්කල
1. පියා ජයමහලාන වේ.
2. මව කාලිංග වංශයෙන් පැවත එන සුනේත්‍රා දේවි වේ.
3. මවගේ හෝ පියාගේ පියා පස්වන පරාක්‍රමබාහු මහරජතුමා වේ.
4. මවගේ හෝ පියාගේ පියා ජයමහලාන වේ.
5. මවගේ හෝ පියාගේ පියාගේ පියා සවුළු විජයබාහු මහරජතුමා වේ.
මෙහි —සවුළු˜ යන්න රාජරත්නාකරයේ විස්තර කර තිඛෙන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පැමි‚ කුමාරවරුන්ගෙන් පැවත එන පරපුරක් බවයි. තව ද මේ පිළිබඳව කගඋග භසජයදක්ි හා ීග ඡ්ර්බ්ඩසඒබ් දීර්ඝ විස්තරයක් කරන ර්‍ණA කදබජසිැ ්‍යසිඑදරහ දෙ කැහකදබ” ග්‍රන්ථයේ 292 වන පිටුවෙහි —සවුළු˜ යනු —ජාවක˜ වචනයෙහි ම දිගුවක් බවත් ඔවුහු කාලිංග වංශික විය හැකි බවත් සඳහන් කර ඇත. ඒ අනුව ගත්කල කාලිංග වංශික මව පැවත එන්නේ සවුළු විජයබාහුගෙන් බව කල්පනා කළ හැක. ඒ අනුව සුනේත්‍රා දේවිය සවුළු විජයබාහුගේ පුත් වූ සවුළු පරාක්‍රමබාහු හෙවත් පස්වන පරාක්‍රමබාහු මහරජුගේ දිය‚යක ලෙස නිගමනයකට පැමිŒමට හැකි ය. තව ද මගුල්මහා විහාරයේ සෙල්ලිපියේ සඳහන් වන සිරිදේවි කුමරිය, සුනේත්‍රා දේවි කුමරියගේ සහෝදරියක හෝ සුනේත්‍රා දේවි කුමරිය ම හෝ වියහැකි බවට උපකල්පනය කළ හැක. එ අනුව
3. මවගේ පියා පස්වන පරාක්‍රමබාහු මහරජතුමා වේ.
4. පියාගේ පියා ජයමහලාන වේ.
5. මවගේ පියාගේ පියා පස්වන විජයබාහු මහරජතුමා වේ.
මෙසේ පැමි‚ නිගමනය අනුව හයවන පරාක්‍රමබාහු මහරජුගේ සබඳකම් විස්තරය සකස් කර ඇත.
ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව