114
9 වන අග්ගබෝධි රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 831 - ක්‍රිව 833

9 වන අග්ගබෝධි රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : 9 වන අග්ගබෝධි රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 831 - ක්‍රිව 833
දෙවන දප්පුල රජුගෙන් පසු රජකමට පත් වූයේ අග්‍රබෝධි නම් අයෙකු බව මහාවංසය කියයි. ඔහු හිටපු රජුගේ පුත්‍රයෙකු වූ අතර ඒ නමින් පෙනී සිටි නමවැන්නාද වෙයි. ඔහු රජු මිය ගිය පසු එදිනම බෙර හසුරුවා රජකමට පත් වූ බව වාර්තා වී තිබේ. මෙයට විශේෂ හේතුවක් තිබිය යුතුය. මෙය ගැන කෙරෙන මහාවංස විස්තරය සලකා බැලීම වැදගත් වේ. මෙතෙක් පැවැති සිරිත අනුව දෙවන දප්පුල රජුගෙන් පසු රජකම ලැබිය යුතුව තිබුණේ අටවන අග්බෝ රජුගේ පුත්‍රයා වූ මහින්ද කුමාරයාටය. එහෙත් දප්පුල රජු තමාගේ පුත්‍රයන්ට රජකම හිමිකර දීම සඳහා ඔහුට ආදිපාද ආදී හිමි කිසිදු තනතුරක් නොදුන්නේය. මේ නිසා කළකිරුණු මහින්ද කුමාරයා දඹදිවට පලා ගියේය. අග්බෝ කුමරු පියා මිය ගිය පසු වහාම රජකමට පත්වූයේ මේ මහින්ද කුමාරයාගෙන් බාධාවක් ඇති වෙතැයි සලකා බව සැලකිය හැකිය. ඉහතින් සඳහන් විස්තරය දක්වන මහාවංසයේ 47 පරිච්ඡේදයෙහි මේ කොටසේ ගාථා කීපයක් හැලී ඇති සෙයක් පෙනේ. අග්බෝ රජු ඔවුන් එනු අසා මහාසෙනගක් යවා ඔවුන් සමග යුධ කරවා ඔවුන්ගේ හිස් සිද විය. යන සඳහන තේරුම් ගැනීමට අපහසු වී ඇත්තේ මේ අඩුව නිසාය. අග්බෝ රජ වූ පසු මහින්ද කුමරු හා සහෝදර පිරිස ඔහු සමග සටනට පැමිණ බව මෙයින් විස්තර වන බව සැලකිය හැකිය. මෙහි දී ඔහුගේ සෙන්පතියා මරණයට පත් වූ අතර මහින්ද කුමාරයා නැවතත් ඉන්දියාවට පලා ගිය බව පෙනේ.
මහාවංසයෙහි හැලී ගිය කොටසේ තවත් විශේෂ සිද්ධි වාර්තා වී තිබෙන්නට ඇත. රාජාවලිය හා රාජරත්නාකරය දක්වන හැටියට නමවන අග්ගබෝධි රජු දවස ද්‍රවිඩයන් ලංකාව ආක්‍රමණය කළ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන කියයි. ජයබෙරමිණිපා ඔවුන් ගෙන ගිය බවද සඳහන් කරයි. එහෙත් මා පරිශීලනය කළ රාජරත්නාකරයේ හා රාජාවලියේ දැක්වෙන්නේ එම සිද්ධිය දෙවන දප්පුල රජු දවස සිදුවූ බවකි. දප්පුලගෙන් පසු රජකමට පත්වූයේ නමවන අග්‍රබෝධි රජු නොව නුග වැසි සෙන් යනුවෙන් ද දැක්වේ. අපවත් වූ මහාවංස කොටසේ මේ විස්තරය තිබුණේ නම් එය ඉහත කී ග්‍රන්ථදෙක සමග පරස්පර වේ. මහාචාර්ය පරණවිතාන කියන්නේ මෙය මීළඟ රජු කාලයේ සිදුවූ කරුණු වරද්දා ගැනීමක් බවය.
හෝ පසු කාලයේ වූ ආක්‍රමණවල පෙර නිමිත්තක් හෝ විය හැකි නමවන අග්බෝ රජු දිවයිනෙහි සියලු පව්කම් නැවැත් වී යැයි වංස කථාව දක්වයි. ඔහුගේ අනෙකුත් පිං කම් විස්තර හැර වෙනත් කාර්යයක් ගැන වාර්තා වී නැත. ඔහුගේ රාජ්‍ය කාලය පස්වස කැයි පූජාවලියේ සඳහන් වන අතර මහාවංසය දක්වන්නේ වර්ෂ තුනක් බවය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි