තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
143
6 වන මහින්ද රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1187 - ක්‍රිව 1187
6 වන මහින්ද රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Mahinda VI රාජ්‍ය නාමය : 6 වන මහින්ද රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1187 - ක්‍රිව 1187

දෙවන විජයබාහු රජු දීපනී ලවා මරණයට පත්කළ මහින්ද නැමැත්තා රජකමට පත්විය. මේ නමින් පෙනී සිටි සවැන්නා මොහු වූ බැවින් ඔහු සයවැනි මහින්ද යනුවෙන් හඳුන්වනු ලැබේ. ඔහු කුලිංග ගොත්‍රයට අයත් බව මහාවංසය දක්වයි. පූජාවලිය, රාජාවලිය හා නිකාය සංග්‍රහය මහින්ද රජු හඳුන්වා ඇත්තේ කිලිං කෙස්දා මිහිඳු නමිනි.ධර්මාශෝක මහ රජු විසින් බෝධි ශාඛාව සමඟ මෙහි එවන ලද ගෝත්‍රයන් අතර කුලිංග යනුවෙන් හැඳින් වූ පිරිසක්ද විය. මහින්ද මේ ගෝත්‍රයන්ගෙන් පැවතෙන්නෙක් දැයි කීමට සාධක නැත. මෙහි දී පෙනී යන්නේ ඔහු රාජ්‍ය උරුමයක් නැති බල ලෝභයෙන් පෙළඹුණු අයකු බවයි. එසේ නොවූයේ නම් විජයබාහු රජුගෙන් පසු රජකමට පත් විය යුත්තේ ඔහුගේ උපරාජයා වූ නිශ්ශංකමල්ල කුමාරයාය.
 
මහින්ද රජු මරණයට පත් කළ නිශ්ශංකමල්ල කුමාරයා රජය පැහැර ගත්තේය. මේ නිසා ඔහුගේ රාජ්‍ය කාලය දින පහකට සීමා විය.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්