තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
159
1 වන බුවනෙකබාහු රජතුමා
යාපහුව රාජධානිය
ක්‍රිව 1274 - ක්‍රිව 1286
1 වන බුවනෙකබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Buvanekabahu I රාජ්‍ය නාමය : 1 වන බුවනෙකබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : යාපහුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1274 - ක්‍රිව 1286

මිත්ත නම් සෙන්පතියා රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු මහරජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය. මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකළේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමුවන බුවනෙකබාහු මහරජ නමින් දඹදෙ‚ය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු මහරජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේ ය. බොහෝ ලෙස සාසනික අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ පළමුවන බුවනෙකබාහු මහරජතුමා දහම්පොත් ලියන පුද්ගලයන් සඳහා නොයෙකුත් වස්තුව දුන් අතර ත්‍රිපිටකය ලියවා  දිවයිනේ විවිධ ප්‍රදේශවල  විහාරස්ථානවල තබ්බවා පාලි ධර්මය වැඩි දියුණු කළේ ය. ඉතාමත් ධාර්මික රජෙකු වූ මෙතුමා 11 වසක් රාජ්‍ය කළ බව ඉතිහාසයේ සඳහන්.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්