තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
160
3 වන පරාක්‍රමබාහු රජතුමා
යාපහුව රාජධානිය
ක්‍රිව 1287 - ක්‍රිව 1293
3 වන පරාක්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parakramabahu III රාජ්‍ය නාමය : 3 වන පරාක්‍රමබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : යාපහුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1287 - ක්‍රිව 1293

පළමුවන බුවනෙකබාහු මහරජතුමාගේ මරණයත් සමඟ ම සාගතයක් ඇති විය. මෙකල කුලසේකර නම් පාණ්ඩ්‍ය රජුගේ ආර්ය චක්‍රවර්ති නම් ඇමති විශාල හමුදාවක් රැගෙන විත් යාපහුව වටලා දළදා වහන්සේ රැගෙන ගිය බව මහා වංශය නම් ග්‍රන්ථයේ දෙවන කොටසේ සඳහන් වේ. මෙතැන් සිට වසර කිහිපයක් යනතුරු ලංකාවේ පිළිගත හැකි රජෙක් නොසිටි නිසා එම කාලය අරාජික කාලයක් සේ සැලකේ.
 
හතරවන විජයබාහු මහරජුගේ පුත් තුන්වන පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1287 දී පාණ්ඩ්‍ය දේශයට ගොස් යුද්ධයකින් තොරව දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලබා ගෙන පොළොන්නරුව අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් විය. පොළොන්නරුවේ සිට රජ කළත් මෙම රජ සමයත් යාපහුව යුගයට අයත් සේ සැලකේ. මෙතුමා දවසක් දවසක් පාසා දළදා පූජා කළ ඉතාමත් ධාර්මික රජෙකු ලෙස සැලකේ. මෙතුමාගේ සේවාවන් පිළිබඳව තොරතුරු අල්පය. මෙතුමා ක්‍රිස්තු වර්ෂ 1293 වනතෙක් වසර හයක් රජ කළේ ය. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්