තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
152
අනිකංග රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1209 - ක්‍රිව 1209
අනිකංග රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Anikanga රාජ්‍ය නාමය : අනිකංග රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1209 - ක්‍රිව 1209

ධර්මාශෝක කුමාරයාත් ඔහු බලයෙහි පිහිට වූ ආයස්මන්ත සෙන්පතියාත් මරණයට පත් කළ අනිකංග කුමාරයා පොලොන්නරුවෙහි දී සිහසුනට පත් වුයේය. මොහු පිළිබඳ
තොරතුරු අප්‍රකටය. එහෙත් ඔහු ආකස්මිකව පහළ වූ රාජ්‍ය ලෝභියෙකුම නොවන බව මහාවංසය ඔහුට යොදා ඇති මහාධිපාද යන තනතුරු නාමයෙන් පෙනේ. මේ පදවියෙන් පෙන්නුම් කරන්නේ ඔහු රාජ්‍ය උරුමයක් තිබූ බවකි. මන්ද මහාධිපාද යනු ඊළඟට රාජ්‍ය උරුමය ඇති කුමාරයාට යොදන තනතුරු නාමය වන හෙයිනි. සිංහල ලෙඛනවල, සෙල්ලිපිවල මහයා යනුවෙන් හැඳින්වෙන්නේ මේ පදවියයි.
 
අනීකංග මහාධිපාද තනතුරු දැරූයේ කවර රජකු යටතේ ද යනු කිසි ලෙසක තේරුම් ගත හැකි සටහනක් නැත. ඔහු සොලී රටින් ආ බව පමණක් වංශ කථාවේ දැක්වෙයි. මෙයට පෙර රජකම් කළ රජකුගේ කාලයේ මහාධිපාද තනතුරු දැරූ අනීකංග කුමරු විරුද්ධ සෙනෙවියන්ගේ බලයට එරෙහිව සොලී දේශයට ගොස් සිට කල්‍යාණවතී රැජිනගේ අවසන් කාලය තුළ ඇති වූ වියවුල ප්‍රයෝජනයට ගෙන දෙමළ සේනාවක්ද රැගෙන ලක්දිව පැමිණ ඒ වියවුල නිසා කල්‍යාණවතී බිසොව සිහසුනෙන් පහකර ධර්මාශෝක ළපටි කුමරු සිහසුනට පත් කළ, අබෝනා සෙනෙවියා හා රජුද මරා රාජ්‍යය පැහැර ගත් බව මේ අනුව කල්පනා කළ හැකි වේ. ඔහුට විරුද්ධව සිටි ප්‍රධාන බලවතා ආයස්මන්ත සෙනෙවියා බව පෙනේ. ඔහුගේ රාජය කාලය දින දහහතක් විය.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්